gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කෙහෙල්බද්දර පද්මේ'ගේ තොරතුරින් තවත් අපරාධකරුවෙකු බෝම්බ සහ යුද ඇඳුම් සමඟ අත්අඩංගුවට!

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත දෙහිඅත්තකණ්ඩිය, මුරුතගස්පිටිය ප්‍රදේශයේදී තවත් අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක්, පතරොම්, ටී-56 ගිනිඅවි උපාංග සහ යුද හමුදා කැලෑ නිල ඇඳුම් තොගයක් ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සමීප සබඳතා පවත්වමින් නීති විරෝධී ක්‍රියාවලට ආධාර අනුබල දී ඇති බවට සැකකෙරෙන අතර, ඔහුගෙන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka