gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා... මම දැම්මේ නෑනේ... මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙහි පාක්ෂිකයන් විසින් CIDය හා FCID යන ස්ථාන දෙකෙහිම රැස්ව සිටියා.

ඒ තම දේශපාලන පක්ෂග්‍රාහී බව හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මත තබා ඇති ගෞරවය හේතු කොටගෙන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට ඉකුත් දිනවලදී සමාජ මාධ්‍යවලදී බෙහෙවින් කතාබහට ලක් වූ රංගන ශිල්පී රජිත හිරාන් (පිංපොං) ද එක්ව සිටියා. එහිදී මාධ්‍යයෙන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ,

: ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා. අත්සන් කරන්න ඕන එකක් පුළුවන්නේ. සාමාන්‍යයෙන් අපි සමරු සටහනක් වුණත් අත්සන් කරන්නේ ඒ කියන්නේ ඔච්චරටම අවබෝධයක් නැති පිරිසක් සමාජ මාධ්‍යයේ ඉන්නවද?
: හැබැයි වයරල් වුණේ සංවිධායක කියලා තමයි
: මම දැම්මේ නෑනේ, මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ.
: ඇයි සංවිධායක ධූරයක් දුන්නොත් කරන්න බැරිද?
: කරන්න පුළුවන් ජනාධිපතිකම දුන්නත් කරනවා අපිට වඩා පුළුවන් මිනිස්සු වෑ මේවා භාර අරන් තියෙන්නේ. පාපිසිවලට පුළුවන්නම් අපිට බැරිද?
: ඒ කියන්නේ අදහසක් තියෙනවද ඡන්දේ ඉල්ලන්න?
: දැනට නෑ
: ඔයාලගේ සංවිධායක ප්‍රධාන නාමල් මහත්තයා කිව්වොත්?
: රටේ කාලීන අවශ්‍යතාවය මත අපිට ඕනේ විදිහකට සැකසෙන්න පුළුවන්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka