gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“අම්මා මාව එතනට එක්කන් ගියේ හරිම ආසාවෙන්” - මාධවී ඇන්තනීව සංවේදී කළ ඒ අතීත මතකය මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පිනී මාධවී ඇන්තනී පසුගියදා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉතාමත් දුර්ලභ සහ සංවේදී මතකයක් රසිකයන් සමඟ බෙදාගෙන තිබෙනවා.

ඒ ඇය කුඩා කල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ළමා ගායිකාවක ලෙස මුල්ම ගීතය පටිගත කළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

අද කාලයේ මෙන් නොව එකල ගීතයක් පටිගත කිරීම කෙතරම් දුෂ්කර සහ කැපවීම් කළ යුතු කාර්යයක්ද යන්න ඇය සිය සටහනින් පැහැදිලි කර තිබෙනවා. ඇය තැබූ සටහන මෙලෙසින්.

“ඉස්සර ගීත පටිගත කළේ මෙන්න මෙහෙමයි. වාදක මඩුල්ලත්, ගායකයා හෝ ගායිකාවත්, කණ්ඩායම් ගායක ගායිකාවොත්, සජීවීව ගයන වයන හඬ තමා පටිගත වෙන්නෙ. කාටහරිම වැරදුනොත්, ආයෙ මුල ඉඳන් පටිගත කරන්න ඕනෙ. වෙන වෙනම හඬ, වාදනය අරගෙන “mix” කරන ක්‍රමය තිබුනේ නෑ….

වැරදුනොත් කාලය, ශ්‍රමය සහ recording tape නාස්ති වෙන නිසා හුඟක් පෙරපුහුණු කරලා තමයි Final recording එක ගන්නෙ.

මේ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ළමා ගායිකාවක් විදිහට පටිගත කරපු මුල්ම ගීත පටිගතකිරීම. වසර 1994 වෙන්නෝනෙ. අම්මා තමයි සංගීතය පුහුණු කරලා මාව ඒ හඬ පරීක්ෂණ වලට සහ පටිගතකිරීම් වලට එක්කන් ගියේ. ඒක ‍යළි යළිත් මතක් කරන්නත් ආස කාලයක්! අහ්!!!”

මෙම මතකයන් අවදි කරමින් ඇය පවසන්නේ තමන්ව සංගීතයට පුහුණු කර, හඬ පරීක්ෂණ (Auditions) සඳහා ගුවන්විදුලි සංස්ථාවට කැඳවාගෙන ගියේ ඇයගේ ආදරණීය මෑණියන් බවයි. මේ අතීතකාමය අවදි කරන ඡායාරූප පෙළ 1994 වසරට අයත් ඒවා බවද ඇය සඳහන් කරනවා.

ඇයගේ මෙම සටහන කියවන ඕනෑම අයෙකුට එකල තිබූ ඒ අව්‍යාජ සංගීත කලාව සහ එහි තිබූ විනය පිළිබඳව නැවතත් වරක් සිතා බැලීමට පොළඹවනවා නොඅනුමානයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka