gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

21 උපන්දිනේ දා මිතුරන් සමග නාද්දී බෝලයක් අහුලන්න මෝය කටට පැන්න සනේස් නොපෙනී යයි

කතලුව මෝයකට අසල මුහුදු තීරයේ දිය නෑම අනතුරුදායක බවට සවිකර තිබූ දැන්වීම් පුවරුව මේ වන විට එම ස්ථානයේ නොමැති බවත්, එම පුවරුව තිබුණේ නම් තරුණ ජීවිතයක් මෙලෙස අකාලයේ අහිමි නොවීමට ඉඩ තිබූ බවත් හබරාදුව හදිසි මරණ පරීක්ෂක එම්.කේ. කමල් ගාමිණීතිලක මහතා පැවසීය.

තම විසිවන උපන්දිනය සැමරීම සඳහා පවුලේ ඥාතීන් සමග පැමිණ විනෝද වෙමින් සිටියදී දියේ ගිලී මියගිය කඹුරුගමුව, ගරාඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අචිර සනේස් සමරසේකර නමැති තරුණයාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ අවස්ථාවේදී හදිසි මරණ පරීක්ෂකවරයා මෙම කරුණු අනාවරණය කළේය.

සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීම අතරමග නවතා කොරියානු භාෂාව ඉගෙන ගනිමින් සිටි අචිර සනේස්, පවුලේ බාල දරුවා බව මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් ඔහුගේ පියා වන හැටහතර හැවිරිදි අසාන් සමරසේකර මහතා සඳහන් කළේය. පසුගිය ජනවාරි 29 වැනි දිනට යෙදී තිබූ මියගිය අයගේ විසිවන උපන්දිනය සැමරීම වෙනුවෙන් දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් පිරිසක් කොග්ගල මෝයකට ආසන්න මුහුදු වෙරළට පැමිණ ඇති අතර එහිදී මියගිය තරුණයා බිලී පිත්තක් භාවිතයෙන් මසුන් අල්ලමින් සහ පසුව පිරිස සමග බෝලයකින් සෙල්ලම් කරමින් විනෝද වී තිබේ.

එසේ සෙල්ලම් කරමින් සිටියදී බෝලය මෝයකට දෙසට වැටී මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එය රැගෙන ඒම සඳහා අචිර මුහුදට පීනා ගිය අවස්ථාවේදී ඔහු දියේ ගිලී නොපෙනී ගොස් ඇත. එම අවස්ථාවේදී ඔහුව බේරා ගැනීම සඳහා ඔවුන් සමග පැමිණි තවත් දරුවන් දෙදෙනෙකු මුහුදට පැන ඇති අතර ඔවුන්ද දියේ ගසාගෙන ගියද, ප්‍රදේශවාසීන් සහ ඥාතීන් එක්ව එම දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට ගෙන ඒමට සමත්ව තිබේ. එහෙත් අචිර සනේස් බේරා ගැනීමට නොහැකි වී ඇති අතර පසුව සිදුකළ සෝදිසි කිරීමේදී ඔහු දියේ ගිලී ගිය ස්ථානයෙන්ම මෘත ශරීරය හමුවී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ මව වන පනස් හත් හැවිරිදි ලතිකා නාමලී සමරසේකර මහත්මියද සාක්ෂි ලබා දුන්නාය. හබරාදුව පොලිසියේ සැරයන් බන්දුල මහතා විසින් මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවන ලද අතර, කරාපිටිය ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පබසරා ගුණසිංහ මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා, මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට නිගමනය කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka