gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට මරණ දඬුවම : වසර 12කට පසු තීන්දුව ලැබෙයි

පිටකොටුව ලෝටස් පාරේ ගුවන් පාලම මතදී පොලිස් කොස්තාපල්වරියක වූ සිය පෙම්වතිය අමානුෂික ලෙස ගෙල කපා ඝාතනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (02) මරණීය දණ්ඩනය නියම කළේය. 

2013 ජනවාරි 07 වැනිදා සිදුවූ මෙම ඝාතනයේදී මියගොස් ඇත්තේ 23 හැවිරිදි නදිශානි මධුභාෂිකා නැමැති තරුණියකි. ඇගේ සිරුරේ කැපුම් තුවාල 47කට අධික ප්‍රමාණයක් තිබූ බවත්, විත්තිකරු සැලසුම් සහගතව මෙම අපරාධය සිදුකර ඇති බවත් අධිකරණය හමුවේ තහවුරු විය.

විවාහ වීමට සිටි මෙම දෙදෙනා අතර ඇතිවූ ප්‍රේම සබඳතාවට මරණකාරියගේ මව අකැමැති වීම මෙම ඝාතනයට හේතුව වී තිබේ. ඝාතනය සිදුකළ දින විත්තිකරු මන්නා පිහියක් සහ වස කුප්පියක් ද රැගෙන විත් ඇති අතර, ඇයව ඝාතනය කිරීමෙන් පසු ඇගේ මුවට වස හලා ඉතිරිය තමන් ද පානය කර තිබූ බව සාක්ෂි මගින් අනාවරණය විය. 

වසර ගණනාවක් තිස්සේ අධිකරණය මඟහැර සිටින මෙම විත්තිකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද විනිසුරුවරයා මෙහිදී වරෙන්තු නිකුත් කළේය. මියගිය තරුණිය සිය පවුලේ බර කරට ගෙන කටයුතු කළ දක්ෂ නිලධාරිනියක බව ද නඩු විභාගයේදී සඳහන් විය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka