gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කතරගම දේවාලයේ රත්‍රං විකුණයි... සියලුම මුදල් Rebuilding Sri Lanka අරමුදලට!

රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රං සංචිතයෙන් දේව රුව සහිත රත්‍රං හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කිරීමට රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මදුසංක තීරණය කර ඇත.

එම රන් භාණ්ඩ වෙන්දේසි කිරීමෙන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේවරයා තීරණය කර ඇත.

මෑත ඉතිහාසයේ බැතිමතුන් පූජා කළ රත්‍රං විනිවිදභාවයකින් යුතුව රජයට ලබා දීමට කටයුතු කරන බවද රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka