gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

තාත්තා කෙනෙක්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද..? ගෙදර ඇතුවුණු ආරවුල අවසානයේ නතරවුණේ මෙතනින්...

ඔහුගේ අතින් මේ වගේ දරුණු අපරාධයක් සිදුවුණේ කොහොමද කියලා හිතාගන්නත් බැහැ.

මේ කියන්න යන්නේ අසන්නන්ගේ හදවත් මොහොතකට සංවේදී කළ තවත් එක් සිදුවීමක්. 


හිඟුරක්ගොඩ දෙබරැල්ල ප්‍රදේශයේ නිවසක දෙමාපියන් අතර ඇති වූ දබරයක් අතරතුර පියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් වැළැක්වීමට ඉදිරියට පැන්න දොළොස් හැවිරිදි දියණියගේ හිසට එම පිහි පහර වැදීම නිසා දැරිය බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසනවා.

සිද්ධිය පිළිබඳ සැකපිට දැරියගේ පියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දරුවන් සිව් දෙනකුගේ පියෙක්.

ඉකුත් පස්වැනිදා සවස හයට පමණ දෙබරැල්ල නිවසේ දී මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ඉදිරියේදී ක්‍රියාත්මකයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka