මෙරට අලුතෙන් ගෙනවිත් අලෙවි කරන යතුරුපැදිවල දම්වැල් හෙවත් චේන් සුද්ද කිරිමට යාමෙන් අතේ ඇගිලි කඩා තරුණයින් 05 දෙනෙක්වත් දෛනිකව කොළඹ ජාතික රෝහල ගෙනඒමේ අලුත් අනතුරක් නිර්මාණය වී ඇති බව ප්ලාස්ටික ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා කියා සිටී.
මෙම යතුරුපැදිවල දම්වැල් නිරාවරණය වී තිබෙන අතර සති දෙකකට වරක්වත් දම්වැල් පිරිසිදු කරන ලෙසට අලෙවි ආයතන නියෝජිතයින් උපදෙස් දුන් බව තුවාල ලබා රෝහල්ගත වන තරුණයින් සදහන් කර තිබේ.
