gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දේවාලේ රත්තරන් ගං වතුරේ ගියා නම් කවුද වගකියන්නේ… රං ඩිංගක් විකුණන්නේ ආරක්ෂාවට… ආණ්ඩුව එක්ක ඩීල් නැහැ..! – කතරගම නව බස්නායක නිලමේ…

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට බැරකිරීමට තීරණය කළේ එම රන් භාණ්ඩවල ආරක්ෂාව සහ රටේ සිදුව ඇති ව්‍යසනය ගැන සිතා බව කතරගම දේවාලයේ නව බස්නායක නිලමේ තිලිණ මධුසංඛ පවසයි.

“කතරගම දේවාලයේ තියෙන රත්තරන් සංචිතය, ඊයෙ පෙරේදා ආපු ගංවතුරට ඒ සංචිතයෙන් ප්‍රමාණයක් අහුවුණා. ඒ ප්‍රමාණය අහුවෙනකොට මොනවාහරි යම්කිසි හේතුවක් නිසා ඒ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් ඒකට කවුද වගකියන්නෙ? ඒකයි මම තීරණය කළේ – ඒ වෙලාවෙ රජයත් ලොකු අපහසුතාවකට පත්වෙන්න පුළුවන් නිසා. රජය මගින් සිදුවෙන ව්‍යාපෘති ටිකට උදව් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. එහෙම නැතිව රජයත් එක්ක ඩීල් එකක් හෝ ජනාධිපතිතුමාත් එක්ක ඩීල් එකක් එහෙම නැහැ.

ජනාධිපතිතුමා අඩුම ගාණෙ මගෙන් ඉල්ලීමක් කරලාවත් නැහැ මේකෙන් උදව් උපකාර කරන්න කියලා. නමුත් මම හිතලා මේක මෙහෙම වෙනවා නම් හොඳයි කියලා, අපි බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගෙන් උපදෙස් පතලා තියෙන්නෙ. ඒ ලිපියේ තියෙනවා පැහැදිලිවම පැරණි රත්තන් හැර, ඊට අමතරව 70%ක් අපි රත්තරන්වලින් තියෙන ඒවායින් දෙනවා, හැබැයි දේව රූප හැර.

ඒ ලිපියෙ පැහැදිලිවම ලියලා තියෙනවා “කොමසාරිස්තුමාගේ උපදෙස් පතමි” කියලා. අපි ඒක තීරණය කරලාවත් නෙවෙයි, උපදෙස් පතනවා. කොමසාරිස්තුමා විරුද්ධ වෙනවා නම් මේක විකුණන්න බැහැ කියලා, අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි ආරක්ෂාව ගැන හිතලා, රටේ වෙච්ච ව්‍යසනය ගැන හිතලා තමයි මේ තීරණය ගත්තේ. එහෙම නැතිව ජනාධිපතිතුමාගෙවත් ආණ්ඩුවෙ කිසිම කෙනෙක්ගෙවත් ඉල්ලීම මත නෙවෙයි මේක කරනනේ.”

බස්නායක නිලමේ තිලිණ මධුසංඛ මේ බව පැවසුවේ කතරගම දේවාලයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මොනරාගල රෝහලේ ඉදිකෙරෙන ගොඩනැගිල්ල පිළිබඳ සොයාබැලීම සඳහා ඊයේ (05) එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka