gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

නීති විරෝධී මත්පැන් පානයෙන් 6දෙනෙකු මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට!

නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත රෝහලේදී සිදු කර ඇති අතර ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී අද (08) සිදු කිරීමට නියමිතය.

මත්පැන් පානය කර රෝගාතුර වූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු මීගමුව හා පේරාදෙනිය යන රෝහල් වල ප්‍රතිකාර ලබයි.

නීති විරෝධී මත්පැන් පානයෙන් පසුගිය 6 වනදා පුද්ගලයන් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ අනුව සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා ඊයේ (07)  මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වෙන්නප්පුව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka