gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දිනේෂ් මුතුගල කට අරී – මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කියූ ගුරුවරයාට හොදවයින් කියාදෙයි

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාට අපහාසාත්මක අයුරින් ප්‍රකාශ සිදුකළ තමීර හේරත් නම් ටියුෂන් ගුරුවරයෙකුට විරුද්ධව මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

අදාළ විඩියෝවේදී එම ගුරුවරයා විසින් මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ව සහ සැළලිහිණි සංදේශයට අපහාසාත්මක අයුරින් අදහස් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් හරහා සිදුකල සාකච්චාවකදී සුදන්ත තිලකසිරි (සුදා) නැමැත්තා විසින් ප්‍රවීණ ටියුෂන් ගුරුවරයකු වන දිනේෂ් මුතුගල ගුරුවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුගේ අදහස් විමසිය.

එහිදී ඊට අදහස් දක්වමින් දිනේෂ් මුතුගල ගුරුවරයා පවසා සිටියේ අදාල ප්‍රකාශයට ඔහු විසින් අප්‍රසාදය පල කරන බවයි.තමන්ද එම ගුරුවරයාව පෞද්ගලිකව හදුනන බවත් තමා තුල කිනම් ආකාරයේ අදහස් තිබුණද ඒ සියල්ල ප්‍රසිද්ධියේ දරුවන් ඉදිරියේ පැවසීම නුසුදුසු බව පවසා සිටියේය.

එමෙන්ම ලාංකීය සාහිත්‍යට මඩ ගැසීම තුලින් රටක් ලෙස දියුණු වීමට නොහැකි බවත් එලෙස ඔහුගේ ප්‍රකාශය කිසිසේත්ම අනුමත කල නොහැකි බවත් පැවසීය.

එමෙන්ම මේ සිදුවීමෙන් සමස්ත ටියුෂන් පද්ධතියටම හානියක් වන බවත් ගුරුවරයකු විසින් දරුවන් තුලට සුදුසු කරුණු පමණක් ලබාදිය යුතු බවත් පවසා සිටියේය.එමෙන්ම ගුරුවරයකු ලෙස භාෂාවේ සංයමයක් අවශ්‍ය බවද දිනේෂ් මුතුගල ගුරුවරයා පවසා සිටියේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka