gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ජනාධිපති ලේකම් කාර්යාලයේ තවත් වාහන 26ක් වෙන්දේසියට!

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් සුඛෝපභෝගී මෝටර් රථ 17ක් ඇතුළු මෝටර් රථ 26ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

(V8 වර්ගයේ Toyota Land Cruiser) මෝටර් රථ තුනක් සහ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ කිහිපයක් ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ 17ක් ද ඊට අයත්ය. 

ඊට අමතරව භාවිතයෙන් ඉවත් කරන ලද රථවාහන නවයක්ද එහි ඇත.

වත්මන් රජය පත්වීමෙන් පසුව මින් පෙර අවස්ථා දෙකකදී ද මෙසේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන විකිණීම සිදුකෙරිණි. 

එහි තෙවැනි අදියර යටතේ මෙම මිල ගණන් කැඳවීම සිදුකර තිබේ. ඊයේ (21) සිට පෙබරවාරි 6 වැනිදා දක්වා කොළඹ 7, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ, අංක 32හි පිහිටි ශ්‍රාවස්ථි මන්දිරයේදී වාහන පරීක්ෂා කර බලා ලංසු තැබීමට මහජනතාවට අවස්ථාව හිමි වේ. 

මෙහි ටෙන්ඩර් පත්‍රිකා පෙබරවාරි මස 6 වැනිදා දක්වා ජනාධිපති කාර්යාලයේ සෙමා ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් මිලදී ගැනීමට හැකිය. 

ටෙන්ඩර් පත්‍රිකා භාරගන්නා අවසන් දිනය පෙබරවාරි 9 වැනිදාය. එදිනම ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීමට නියමිත බවද සඳහන්ය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka