gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මහනුවර කෝවිල යටින් හම්බුණේ මැණිකක් නෙමෙයිද? – වාර්තාව එළියට!

මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසා ඇත්තේ, පර්වතයේ ධාරක පර්වතයක් තුළ  “Labradorite” ලැබ්‍රඩෝරයිට් නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බවය.

ලැබ්‍රඩෝරයිට් ඛනිජය අර්ධ වශයෙන් වටිනාකමක් උසුලන මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර ඇති බව එහි සඳහන් වේ.

නමුත් එම පාෂාණය සඳහා ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

මීට දින දෙකකට පෙර, මහනුවර ගලහා දෙල්තොටවත්ත කල්ලන්තැන ශ්‍රී මුතුමාරි අම්මන් දේවාලයේ අසල තිබූ කළුගලක නිල් පැහැති මැණික් ගලක් සේ දිස්වෙන පාෂණයක් ඇති බවට වාර්තා වුණි.

ඒ අනුව, එම පාෂාණය පරීක්ෂා කිරීම සඳහා ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය ගොස් තිබුණි.

පසුව ඔවුන් අදාළ පාෂාණයෙන් සාම්පල කැබලි තුනක් ගෙන පරීක්ෂාවට ලක්කර තිබූ අතර, ඒ අනුව මෙම වාර්තාව නිකුත් කර තිබේ.

අදාළ වාර්තාව පහතින් දැක්වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka