gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සුළි කුණාටුවෙන් පස්වලට යට වූ වාහන ගොඩට ගන්න සහය දෙන්නැයි වාහන හිමියන් ඉල්ලයි

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොළ ජනපදයේ පස්වලට යට වී ඇති වාහන කිහිපයක් ගොඩ ගැනීමට සහයෝගය දක්වන ලෙස එම වාහන හිමියන් වග කියයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි.

ඉකුත් වසරේ නොවැම්බර් 27 දින රාත්‍රි තම ගම්මානයේ නායයෑමෙන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී නිවාස රැසක් විනාශ වූ බවත්, මාර්ගයේ නතර කර තිබූ වෑන් රථයක් ලොරි රථයක් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක්ද නායයෑමෙන් අතුරුදහන් වී තිබු බවයි පීඩාවට පත් යෝගනාදන් ආනන්ද මුර්ති මහතා කියා සිටියේ.

පස්වලට යට වී තිබු ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ගොඩ ගත් බවත්, එම වාහන දෙකද යලිත් භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින බවයි ඔහු කියා සිටියේ.

තව දුරටත් පස්වලට යට වී තිබෙන තම වෑන් රථය සහ තවත් ලොරි රථයක් ගොඩට ගැනීමට දැඩි උත්සහයක නිරත වූවද එය ව්‍යර්ථ වූ බවත්, විශාල මුදලක් වැය කර තමන්ට එම වාහන ගොඩ ගැනීමට නොහැකි නිසා එම වාහන ගොඩගෙන කැබලි කර හෝ විකිණීමට පස් වලට යට වී ඇති එම වාහන ගොඩ ගැනීමට උදව් කරල ලෙසයි යෝගනාදන් ආනන්ද මුර්ති මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ.

- රංජිත් රාජපක්ෂ              

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka