gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කුණාටුවෙන් බිත්තිත් එක්කම නිවස ගැලවුනු අවට වන්දි ගන්න ඔප්පුව ගේන්න කියලා!

පසුගියදා ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් මහනුවර ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙළ අවිධිමත් බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

කුණාටුවෙන් නිවෙස්වල බිත්ති පවා ගැලවී ගොස් ඇති පසුබිමක, රුපියල් ලක්ෂ දහයක වන්දි මුදල ලබාගැනීම සඳහා ඉඩම් සහ නිවාසවල ඔප්පු රැගෙන එන ලෙස බලධාරීන් පැවසීම හාස්‍යජනක කරුණකි.

නිවසම විනාශ වී ඇති තත්ත්වයක එවැනි ලේඛන ඉතිරි වී ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ඔහු පැවසීය.

මේ වන විට ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින අතර, විධිමත් ක්‍රමවේදයක් නොමැතිකමින් ආධාර ලබාදීමේ කටයුතු ද ඇණහිට ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

නිවාස පමණක් නොව, තම ජීවනෝපාය මාර්ග ද අහිමි වීම නිසා එම ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බවත්, ඔවුන්ට කඩිනම් සහන සැලසීම රජයේ වගකීමක් බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka