ඩුබායි සිට කටුනායක දක්වා පැමිණි ගුවන්යානයක ගමන් ගත් ශ්‍රී ලාංකික කාන්තාවකගේ මුදල් සහ රන් ආභරණ සොරාගත් චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අදාළ කාන්තාව කළ පැමිණිලිකට අනුව කළ විමර්ශනයකදීයි.
පොලීසිය සඳහන් කළේ, ඇගේ බෑගයේ තිබූ අමෙරිකානු ඩොලර් 3660ක්, යූරෝ 500ක් සහ ස්වර්ණාභරණ තොගයක් සැකකරු විසින් සොරකම් කර ඇති බවයි.
25 හැවිරිදි චීන ජාතික සැකකරු කිඹුලාපිටිය ප්‍රදේශයේ නවාතැන්පලක සිටියදී භාණ්ඩ තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත.
