gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"මේ මනුස්සයට පිස්සු හැදිලද මන්දා..?" සායනයට ගිහින් නිවසට ආ බිරිඳ ආරූඪ වෙයි.. වැඩි හොඳ කරන්න ගිය සැමියාට අවසානයේ සිද්ධවුණේ කුමක්ද..?

බිරිඳ රෝහලට ගොස් එනතුරු සැමියාට පවරා ගිය වැඩ ඉක්මනින් නිමකර ඈ තවත් සතුටු කිරීමේ අරමුණින් කරන්න ගියේ මෙන්න මේ වගේ වැඩක්.. ඔහු කොස්ගෙඩියක් කඩා ‍තම්බන්නට ගිහින් සිදුවූ අලකලංචියක් ගැන මේ අසන්නට ලැබුණේ දුශ්කර ගම්මානයකින්.. හෙතෙම බොහෝම මෑතදී විශ්‍රාම ලැබූ අයෙක්. රජයේ රැකියාවැති පුතෙක්. දැන් ඔහු බිරිඳගේ කාර්යන්ටද හැකි පමණ උදව් කරමින් දවස ගෙවයි.

මොහුගේ බිරිඳගේ අතක ආබාධයක් ඇතිවී ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයා, ඇය රෝහලේ මාසික සායනය වෙත යොමු කළා. සායනයට ගිය මුල් ගමනට දෙදෙනාම ගිය අතර, ඉන්පසු එම ගමන බිරිඳ ගියේ තනිවමයි.

පසුගිය දිනෙක ඇගේ සායන දිනය යෙදී තිබුණා. බිරිඳ උදෑසන හා දිවා ආහාරය පිළියෙල කොට පුතාගේ දහවල් ආහාර වේලද පාර්සල් කොට සායනයට පිටත්ව ගියේ සැමියාට වැඩ දෙකක් පවරමින්. ඒ පුත්‍රයාගේ ඩෙනිම් කලිසමක් සේදීම හා ගෙමිදුල් ඇමදීම‍යි. ඔහු බොහෝ සතුටින් ඒ රාජකාරීන් දෙක ඉටුකළා.

වැඩ දෙකම හමාර කළ ඔහුට බිරිඳ තවත් සතුටු කිරීමේ අරමුණින් කොස් ගෙඩියක් කඩා සුද්ද කළ යුතුයැයි අදහසක් පහළ වුණා. වත්තේ කොස් ගසක් තිබුණද ඒවා සුද්ද කිරීමට බිරිඳගේ ඇති අකමැත්ත නිසා කොස් ගසේ ගෙඩි ඉදී බිම වැටෙන අතර, අසල්වැසියකු ගෙඩියක් කඩාගෙන ගොස් සුද්ද කර කොටසක් ලබා දුන්නොත් මිසක ගෙදර කොස් කෑමක් නැත.

නිවසේ ඇති ලී ඉනිමග කොස් ගසට හේත්තු කොට ගහට ගොඩවූ ඔහු හොඳට පැසී තිබුණු කොස් ගෙඩියක් බිම හෙලුවා. අනතුරුව නිවසේ ඇති පිහි දෙකම ගෙන ආ ඔහු ලොකු පිහියෙන් කොස් ගෙඩිය පලා සුද්ද කරන්නට පටන් ගත්තා. අත පයේ ගෑවෙන කොහොල්ලෑ පිස දැමීමට පොල් තෙල් බෝතලයද ළංකර ගත්තා. දැඩි වෙහෙසකින් පසුව කොස් මදුලු‍ ප්‍රමාණයක් ගලවා ගැනීමට ඔහු සමත්වුණා.

සායනය නිමාවී බිරිඳ නිවසට පැමිණෙනවිට දහවල් දෙක පමණවන නිසා සුද්ද කළ කොස් ටික තැම්බිය යුතුයැයි ඔහු අදහස් කළා. කොස් කපා පසුව හට්ටියක බහා වතුර දමා දර ළිප අවුලු‍වා කොස් තම්බන්න පටන් ගත්තා.

ඔහු කොස් තම්බමින් සිටින අතරවාරයේ බිරිඳ නිවසට පැමිණියා. ඈ නිවසට ගොඩ වුණේම
"ගෙට එන්න බෑ. පාර පුරාම කොහොල්ලෑ ඇලෙනවා" කියාගෙනයි. ඈ ගමන් මල්ල පසෙක තබා පොල්තෙල් බෝතලය සොයාගෙන මුලු‍තැන් ගෙට ආවේ කකුලේ ඇලු‍නු කොහොල්ලෑ පිසදැමීමටයි. පොල්තෙල් බෝතලය අතට ගත් ඇගේ අතේද කොහොල්ලෑ ඇලු‍ණා. "මේ මනුස්සයට පිස්සු හැදිලද මන්දා හැම තැනම කොහොල්ලෑ ගාලා" යැයි ඈ බෙරිහන් දුන්නා.

"නෑ නෝනා මං අද කොස් තැම්බුවා" කියමින් ඔහු ඇයට ළිපේ තියෙන කොස් හට්ටියේ වහුන් ඇර පෙන්වීය. කේන්තිය සමනය කරගත් ඇය කොස් හට්ටියට එබී බැලු‍වා. "අපි නම් කොස් කන්නෙ තම්බලා. මේ මනුස්සයා කොස් කැඳ හදලා" යැයි කියමින් ඈ නැවතත් ආරූඪ වූවාය. කවදාවත් කොස් තම්බලා නැති මොහු අල තම්බන ප්‍රමාණයටම කොස් තැම්බීමට වතුර දැමීම නිසා කොස් හට්ටිය "නානු" වී තිබුණා.

අතේ ඇලු‍නු කොහොල්ලෑ පිස දමමින් "වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුණා" යැයි තමාටම කියා ගනිමින් ඔහු වත්ත පහළට බැස්සා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka