නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටලු සහ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) උදෑසන 8.00 සිට පැය 48ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. මෙය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක පළමු පියවර බව පවසන එම සංගමය, ඉදිරි දිනවල පවතින ප්‍රවණතාවන් අධ්‍යයනය කරමින් වඩාත් දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ද අවධාරණය කරයි.
වර්ජන කාලසීමාව තුළ රෝහල්වල බාහිර රෝගී අංශ ඇතුළු සාමාන්‍ය සේවා අඩපණ වුවද, හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විශේෂයෙන්ම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් පත්වන අපහසුතාවල සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය භාරගත යුතු බව පවසන වෛද්‍යවරුන්, එකඟතා කඩකිරීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව අනතුරේ හෙළීමට රජය කටයුතු කරමින් සිටින බවට ද චෝදනා කරයි.
