gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලෝකෙම හිනස්සපු මිස්ටර් බීන් මියා කලීෆා එක්ක - හැමෝම පිස්සු වට්ටපු පෙම් කතාවේ ඇත්ත නැත්ත මෙන්න

පහුගිය දවස්වල ජනප්‍රිය විකට රංගන ශිල්පී රෝවන් ඇට්කින්සන් හෙවත් 'මිස්ටර් බීන්' සහ හිටපු වැඩිහිටි චිත්‍රපට තාරකාවක වන මියා කලීෆා අතර පෙම් සබඳතාවක් තියෙනවා කියලා සමාජ මාධ්‍යයේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා.

කොහොම වුනත් හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක ඉන්න වෙනස්ම චරිත දෙකක් ඇති මේ දෙන්නාගේ මේ අනපේක්ෂිත සම්බන්ධය ගැන ගොඩක් අය පුදුම වුණා.

කතාව කොච්චර ප්‍රසිද්ධ වුණා ද කිව්වොත් ගොඩක් අය මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්නත් පටන් ගත්තා.

කටකතාවලට අනුව නම් මේක අන්තර්ජාලය තුළ හුවා දැක්වුණේ 'රහසිගත සම්බන්ධතාවක්' විදිහට, ඒ පසුගිය වසරේ ගිම්හාන කාලයේ ඉඳලා මේ දෙන්නා මාධ්‍යයට රහසින් ඇසුරු කරන බවට ආරංචි වීමත් එක්ක.

පැතිරුණ තොරතුරුවල හැටියට මේ දෙන්නාගේ මේ සබඳතාව යුරෝපයේ ප්‍රංශයෙන් ආරම්භ වී ඇති බවත්, ප්‍රසිද්ධ ස්ථාන සහ පැපරාසීන්ගෙන් බේරී සුඛෝපභෝගී හෝටල් සහ පෞද්ගලික යාත්‍රා තුළ රහසිගත හමුවීම් සිදු කර ඇති බවත් ප්‍රචාරය වුණා.

හැබැයි මේ කිසිම ආරංචියක් ඔප්පු කරන්න පුළුවන් විදිහේ විශ්වාසවන්ත මූලාශ්‍රයක් හරි සාක්ෂියක් හරි නම් තාම හම්බෙලා නැහැ.

ඒවගේම මේ කටකතා එක්ක සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ පුවත විනෝදාස්වාදයට යොදා ගත් අතර, ඇට්කින්සන්ගේ නිහඬ විකට රංගනය සහ මියා කලීෆාගේ සමාජ මාධ්‍ය හැසිරීම් සැසඳීමෙන් විවිධ ආකාරයේ හාස්‍යජනක පෝස්ට් සහ මීම් පවා නිර්මාණය කළා.

ඒ විතරක් නෙවෙයි මේ කටකතා තවදුරටත් තීව්‍ර කිරීමට ඇතැම් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරලා තිබුණත් ඒවා පරීක්ෂා කරද්දි ඒවා කෘතිම බුද්ධිය (AI) යොදන් හදපු ව්‍යාජ ඡායාරූප කියලත් පැහැදිලිව ඔප්පු වෙලා.

කොහොම වුණත් මේ වෙනකල් රොවන් ඇට්කින්සන් හෝ මියා කලීෆා දෙන්නගෙන් එක්කෙනෙක්වත් මේ පුවත ගැන කිසිදු නිල ප්‍රකාශයක් කරලා නෑ. මේ කටකතාව පැතිරෙන්න මේ දෙන්නගේ මේ නිහැඬියාවත් ලොකු හේතුවක්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka