ජනප්‍රිය ගායන ශිල්පිනී නතාෂා පෙරේරා කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත්ත චරිතයක්.
ඇය කරන කියන හැමදේ ගැනම රසිකයෝ හරිම උනන්දුවෙන් ඉන්නේ.
ඉතිං පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.
මේ විශේෂ දවසේ ඇය තවත් හරි ලස්සන වැඩක් කරලා තිබුණා.
ඒ ගැන ඇය ඇගේ මුහුණු පොතට ඉතාමත් සංවේදී වගේම ආදර්ශමත් සටහනක් එක්කරලා තිබුණා.
නතාෂා පවසන විදිහට, ඇයගේ ජීවිතයේ තිබුණු ලොකුම ආසාවක් ඉටු කරගෙන තියෙනවා.
ඒ තමයි ඇය මියගිය දවසක ඇයගේ ඇස් ඇතුළුව ශරීරයේ සියලුම කොටස් දන්දීමට කොළඹ අක්ෂිදාන සංගමය වෙත ගොස් සහතික වීම.
තමන්ගේ මේ උතුම් තීරණය ගැන නතාෂා හරිම ලස්සන සටහනක් එකතු කරලා තිබුණා…
” ජීවිතේ සමරපු හොඳම Birthday එක.. කාලයක් තිස්සේ තිබ්බ ලොකුම ආසාවක් ඉටු උන දවසක් අද – උදෙන්ම කොළඹ අක්ශිදාන සංගමයට ගිහින් මගේ ඇස් ඇතුළුව ශරීරයේ සියලු කොටස් දන්දෙන බවට සහතික උනා. මම මේ ජීවිතෙන් සමුගත්ත දවසට තව එක ජීවිතයක් හරි ජීවත් කරවන්න ලැබෙන එක වචනෙන් කියන්න බැරි හැඟීමක්. සතුට කියන දේ විවිධ දේවල් වලින් ලඟා කරගන්න පුළුවන් උනාට, සැනසීම ලඟා කරගන්න පුළුවන් අවබෝධයෙන් පමණයි. මේ සහතිකය සිරුර දන් දුන්න බවට ලැබුනු පොරොන්දු පත්‍රයක් උනාට ඇත්තටම, මේක තමයි මගේ ජීවිතයට ලැබුණු වටිනාම සැනසීම… ”

