gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

රේස් ගිහින් මිය ගිය තරුණයාගේ අවමගුල් පෙරහැරේත් තනි රෝදෙන් බයික් සංදර්ශණයක්!

මාරක යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ 17 හැවිරිදි සිසුවෙකුගේ අවමංගල්‍ය උත්සවය අතරතුර, මහජන පීඩාවක් වන පරිදි යතුරුපැදි ප්‍රදර්ශනයක නිරත වූ තරුණයන් දෙදෙනෙකු ලබන පෙබරවාරි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ හොරණ, බැල්ලපිටිය පදිංචි තරුණයන් දෙදෙනෙකි. හොරණ පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගත් මොවුන්, අවමංගල්‍ය පෙරහැරේදී එක් රෝදයකින් යතුරුපැදි ධාවනය කරමින් අන්තරායකර ලෙස හැසිරී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

එදින අවමංගල්‍ය පෙරහැරේදී මෙලෙස අන්තරායකර ලෙස යතුරුපැදි ධාවනය කළ සෙසු තරුණයන් සහ ඊට සම්බන්ධ වූ තවත් යතුරුපැදි 12 ක හිමිකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි.

මෙම නීති විරෝධී යතුරුපැදි තරගය සංවිධානය කළ පුද්ගලයන් මෙන්ම, එම දර්ශන ඡායාරූපගත කළ සහ වීඩියෝ ගත කළ පිරිස් ද සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නේය.

අදාළ අවමංගල්‍යයට හේතු වූ අනතුර සිදු වී ඇත්තේ යතුරුපැදි තරගයක යෙදී සිටියදී මෝටර් රථයක ගැටීමෙනි. එම අනතුරින් එක් සිසුවෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබිණි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka