"රහසක් හැමදාම රහසක් වෙන්නේ නැහැ.." පාදුක්ක දේවාල පාරේ නිවසක හොර රහසේ පෙම් සුව විඳිමින් සිටි සැමියාටත්, ඔහුගේ අනියම් පෙම්වතියටත් මාරයා මුණගැසුණේ බිරිඳගේ වේශයෙන්.
ලද තොරතුරක් මත එම නිවසට කඩා වැදුණු බිරිඳ, තියුණු ආයුධයකින් දෙදෙනාටම බරපතල තුවාල සිදු කරලා.
ලේ විලක් මැද තනිකර දැමූ ඔවුන් හෝමගම රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක.
ප්‍රහාරයෙන් පසු බිරිඳ කෙලින්ම ගියේ පොලිසියට!
තම සැමියාට සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකට තියුණු ආයුධ යකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසනවා.
සැකකාර කාන්තාවගේ සැමියා තවත් කාන්තාවක සමග පාදුක්ක දේවාල පාර නිවසක සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට ගොස් තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇතැයි ද පසුව තුවාලකරුවන් දෙදෙනා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව අදාල තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබූ ඇති බව සදහන්.

