gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඉන්ධන ලබාදීමට ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් – රජයෙන් අලුත් වැඩක්!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වා දී ඇත.

ඒ අනුව මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන සඳහා විශේෂිත ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් නිකුත් කෙරෙන අතර එමගින් දිවයින පුරා පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම පද්ධතිය හඳුන්වාදීමේ අරමුණ වී ඇත්තේ රජයේ වාහන සඳහා ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, දැනට පවතින ලිපි ලේඛන කටයුතු සීමා කරමින් කාලය ඉතුරු කිරීම රාජ්‍ය ආයනයකම ඉන්ධන භාවිතය පිළිබඳව නිවැරදිව නිරීක්ෂණය කිරීමට සහ වාර්තා තබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමයි.

එමෙන්ම වැඩිදුරටත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කලේ මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සම්පත් වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීමටත්, ඉන්ධන නාස්තිය අවම කරමින් ජාතික ආර්ථිකයට සහාය වීමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරන බවත්ය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka