gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

බිලියන 89ක බාල ඉන්ධන තොගයක්... කලවම් කර බෙදන්න සැලසුමක්!

රුපියල් බිලියන අසූ නවයකට වඩා වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙට්‍රික් ටොන් 22, 850 ක් මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ තැන්පත්කර තබා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් ‘සිවිල් සංවිධාන එකමුතුව’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම ඉන්ධන ගෙන්වනු ලැබූ සමාගම මේ වනවිට ඊට අදාළ මුදල් ද රැගෙන රටින් පිටව ගොස් ඇති බවත්, ප්‍රමිතියෙන් තොර බවට සනාථව ඇති අදාළ ඉන්ධන තොගය මේ වනවිට වෙනත් ඉන්ධන සමග කලවම් කර බෙදාහැරීමට කටයුතු සූදානම් කරන බවට කරුණු අනාවරණය වී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ‘සිවිල් සංවිධාන එකමුතුවේ’ නියෝජිත ආනන්ද පාලිත මහතා –

“අද තෙල් මිලදී ගැනීමට ජනතාවට වැඩිපුර මුදල් ගෙවන්න සිදුව තිබෙන්නේ මේ හේතුව නිසා. මේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීම වෙනුවෙන් අදාළ සමාගමට ඩොලර් එක් කෝටි අසූහත් ලක්ෂයකට වඩා ගෙවීම් සිදුකර තිබෙනවා. එය රුපියල්වලින් බිලියන 89කට වඩා වැඩියි. මේ ප්‍රමිතියෙන් තොර 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන මාස 14ක කාලයක සිට මුතුරාජවෙල ගබඩාවල පවතිනවා.

මේක ජනතා මුදල් අවභාවිතයක්. අපි මේ සම්බන්ධයෙන් ඩී. වී. ඩී. සාක්ෂි සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කළා. අපක්ෂපාතී පරීක්ෂණයක් කර වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා.”

මේ අවස්ථාවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

සුජීව තත්සර

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka