gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ගංවතුරින් පසු ඉපැරණි ගෘහයක පාදමක් මතුවෙයි.. ඉපැරණි පාෂාණත් හමුවෙයි

 පොලොන්නරුව ඉපැරණි පුරාවිද්‍යාත්මක නටබුන් පිහිටා ඇති, ඕනෑගම වෙහෙරගොඩැල්ල ප්‍රදේශය පසුගියදා ඇතිවූ මහා ගංවතුරින් යටවූ අතර එම ප්‍රදේශයේ මේ වන විට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති යැයි සිතිය හැකි පිළිමගෙයක, පොහොය ගෙයක හෝ ගෘහයක පාදමක් මතුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන මෙම ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවස්තු මේ වන විට ක්‍රම ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති.

මහ පොළොවේ පස්වලින් යටව තිබූ මෙම ප්‍රදේශයේ අලුතින් මතුවූ මෙම පාදම තිබූ ස්ථානයේ තිබී විවිධ වර්ගයේ පබළු මුතු වැනි පාෂාණ වර්ග කැටයම්වලින් යුතු දෑ හමුවන බව ප්‍රදේශවාසීහු අප හමුවේ පැවසූහ.

මෙයට අමතරව පුරාවිද්‍යාත්මක යැයි සැලකිය හැකි වළං කැබලි උළු සහ ගඩොල් සහිත විවිධ වර්ණයෙන් යුතු අලංකාර වූ මැටි බඳුන් ද මෙම ප්‍රදේශයෙන් හමුව තිබේ.

එම ස්ථානයට ගොස් අප මාධ්‍ය කටයුතු කරන විටද එම ප්‍රදේශවාසීන්ට රත්න වර්ණයෙන් යුතු පබලු ඇට කිහිපයක් එම බිමෙහි තිබී හමුවිය.

අලුතින් මතු එම පාදමැති ස්ථානයේ මේ වන විට මිනිස්සුන් කුඹුරුවල ඇති වැලි ඇදීම සඳහා ට්‍රැක්ටර් යොදාගෙන ඇත. එම ට්‍රැක්ටර ගමන් කිරීමෙන් එම පාදමට මේ වන විට හානි වී තිබේ. 

තවද එම ප්‍රදේශයේ හරක් එම පුරාවිද්‍යා ස්මාරක උඩින් ගමන් කරන බැවින් එම හරක් කුරවලට ද මෙම පාදමේ ස්වරූපයේ ගල් ගැලවී ගොස් විසිරී යමින් පවතියි.

මේ පිළිබඳ පුරාවිද්‍යා බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරවන ලෙස මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

- රොෂාන් තුෂාර තෙන්නකෝන්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka