gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඇමරිකාව රටවල් 75 ක සියලුම වීසා සැකසුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි!

ලොව පුරා රටවල් 75 ක අයදුම්කරුවන් සඳහා සියලුම වීසා සැකසුම් කටයුතු අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු බදාදා ප්‍රකාශ කළේය.
රාජ්‍ය දෙපාර්තමේන්තු සංදේශයක් උපුටා දක්වමින් ෆොක්ස් නිව්ස් (Fox News) ආයතනය මුලින්ම වාර්තා කළ මෙම සැළසුම පිළිබඳව අදාළ ප්‍රකාශකයා වැඩිදුර විස්තර ඉදිරිපත් නොකළේය. ෆොක්ස් නිව්ස් පවසන පරිදි මෙම වීසා තහනම ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. අදාළ වාර්තාවලට අනුව සෝමාලියාව, රුසියාව, ඉරානය, ඇෆ්ගනිස්ථානය, බ්‍රසීලය, නයිජීරියාව සහ තායිලන්තය මෙම තහනමට ලක්වූ රටවල් අතර වේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ක්‍රියා පටිපාටි නැවත ඇගයීමට ලක් කරන අතරතුර, පවතින නීතිය යටතේ වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස මෙම සංදේශය මගින් එක්සත් ජනපද තානාපති කාර්යාලවලට උපදෙස් දී ඇත. කෙසේ වෙතත්, මෙම තහනම කොපමණ කාලයක් පවතින්නේ ද යන්න පිළිබඳව නිශ්චිත කාලරාමුවක් දක්වා නොමැත.

පසුගිය ජනවාරි මාසයේ බලයට පත්වූ දා සිට රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආගමන විගමන මර්දන වැඩපිළිවෙළ මධ්‍යයේ මෙම වීසා අත්හිටුවීම වාර්තා වී ඇත. ධවල මන්දිරය අසලදී ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සාමාජිකයෙකු මියයාමේ සිද්ධියෙන් පසු, සියලුම “තුන්වන ලෝකයේ රටවලින්” (Third World Countries) පැමිණෙන සංක්‍රමණිකයන් ස්ථිරවම අත්හිටුවන බවට ට්‍රම්ප් පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රතිඥා දී තිබුණි. – ( රොයිටර් ) 

FOX NEWS අනුව එම රටවල් ලයිස්තුව මෙසේය.

ඇෆ්ගනිස්ථානය
ඇල්බේනියාව
ඇල්ජීරියාව
ඇන්ටිගුවා සහ බාබුඩා
ආර්මේනියාව
අසර්බයිජානය
බහමාස්
බංග්ලාදේශය
බාබඩෝස්
බෙලාරුස්
බෙලීස්
භූතානය
බොස්නියාව බ්‍රසීලය
බුරුමය (මියන්මාරය)
කාම්බෝජය
කැමරූන්
කේප් වර්ඩ්
කොලොම්බියාව
අයිවරි කෝස්ට්
කියුබාව
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
ඩොමිනිකා
ඊජිප්තුව
එරිත්‍රියාව
ඉතියෝපියාව
ෆීජි
ගැම්බියාව
ජෝර්ජියාව
ඝානාව
ග්‍රෙනාඩා
ගෝතමාලාව
ගිනියාව
හයිටි
ඉරානය
ඉරාකය
ජැමෙයිකාව
ජෝර්දානය
කසකස්ථානය
කොසෝවෝ
කුවේට්
කිර්ගිස්ථානය
ලාඕසය
ලෙබනනය
ලයිබීරියාව
ලිබියාව
මැසඩෝනියාව
මෝල්ඩෝවා
මොන්ගෝලියාව
මොන්ටෙනෙග්‍රෝ
මොරොක්කෝව
නේපාලය
නිකරගුවාව
නයිජීරියාව
පකිස්ථානය
කොංගෝ සමූහාණ්ඩුව
රුසියාව
රුවන්ඩාව
ශාන්ත කිට්ස් සහ නෙවිස්
ශාන්ත ලුසියා
ශාන්ත වින්සන්ට්
සෙනගල්
සියෙරා ලියෝන්
සෝමාලියාව
දකුණු සුඩානය
සුඩානය
සිරියාව
ටැන්සානියාව
තායිලන්තය
ටෝගෝ
ටියුනීසියාව
උගන්ඩාව
උරුගුවේ
උස්බෙකිස්ථානය
යේමනය

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka