gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අද දවස ඔබට කොහොමද? රැකියා, ආදරය සහ සල්ලි ගැන තරු පවසන රහස් මෙන්න

2026 ජනවාරි 15 වනදා, ඒ කියන්නේ අද දවස හින්දු බැතිමතුන් අස්වනු මංගල්‍යය සමරන සුබ දවසක් වගේම, ඔබේ ලග්නයට අනුව ලග්න මොන වගේ බලපෑමක්ද කරන්නේ කියලා දැනගන්න හැමෝම ඉන්නේ ලොකු කුතුහලයකින්.

ජ්‍යෝතිර්වේදී හේම ශ්‍රී අමරසිංහ මහතා ඉදිරිපත් කළ අද දවසේ ලග්න පලාපල වාර්තාවට අනුව, ලග්න කිහිපයකටම අද දවස ඉතාමත් වාසනාවන්තයි. ඔබේ ලග්නයත් ඒ අතර තියෙනවාද?

මේෂ: අද දවසේ ඔබේ ශරීර සෞඛ්‍යය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.

වෘෂභ: අධ්‍යාපන කටයුතු කරන අයට අද දවස හරිම සුබයි. විභාග හෝ අලුත් පාඩම් වැඩ පටන් ගන්න හොඳම දවසක්.

මිථුන: හවුල් ව්‍යාපාර කරන අයට අද සාර්ථකත්වය අත ලඟමයි.

කටක: විදේශ ගමන් යන්න බලාගෙන ඉන්නවා නම් අද දවස ඒකට හරිම සුබයි.

සිංහ: ණය ගනුදෙනු කරන්න බලාපොරොත්තුවෙන් හිටියා නම් ඒ වැඩකටයුතු අද සාර්ථක වෙනවා.

කන්‍යා: ව්‍යාපාර කටයුතුවල නිරත වන අයට අද දවස වාසනාවන්තයි.

තුලා : අද දවසේ බාධා ජය ගන්න හැකියාව ලැබෙනවා.

වෘශ්චික: ආදායම් මාර්ග සතුටුදායකයි. අතමිට සරු වෙන දවසක්!

ධනු: සමගිය සහ සුහදතාවය අද දවසේ වර්ධනය වන බව පෙනෙන්නට තිබෙනවා.

මකර: ශරීරයේ පෝෂණය ගැන වැඩිපුර හිතන්න ඕන දවසක්.

කුම්භ: අද විනෝදාංශ පාලනය කරගත්තොත් හොඳයි. නැත්නම් කරදරයක් වෙන්න පුළුවන්.

මීන: සෙම් රෝග වැළඳෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන ප්‍රවේශම් වන්න.

අමතක කරන්න එපා. අද දවසේ රාහු කාලය දහවල් 1.48 සිට 3.16 දක්වා පවතින නිසා, ඔබේ සුබ වැඩකටයුතු ඒ කාලයෙන් බැහැරව සැලසුම් කරගන්න.
අද දවස ඔබට ජයග්‍රාහී දවසක් වේවා...!

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka