කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා පසුගිය රජය සමයේදී රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව කෙරන විමර්ශනයකට අදාළව හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වන හරීන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පෙරේදා (31) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පැය දෙකහමාරක පමණ කාලයක් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, චමල් රාජපක්ෂ, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු හිටපු ඇමැතිවරුන් රැසකගෙන් අල්ලස් කොමිසම මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබේ.
