මෙම පුවත සැලවීමත් සමග ඒ ප්‍රදේශයම දුකෙන් ඇලලී ඇත්තේ ඇගේ මරණ කාගේත් නෙතට කඳුලක් එක්කරන සිදුවීමක් වුණු නිසයි..
මේ කතාව ඇසෙන්නේ මඩකලපුවෙන්..
මඩකලපුව, කල්ලඩි පාලමෙන් කලපුවට පැන දිවි නසාගත් තරුණියගේ සිරුර ඊයේ සොයාගෙන තිබෙනවා. මෙසේ අවාසනාවන්ත ලෙස දිවි නසාගෙන ඇත්තේ ඉලංගෝ විදුෂාලිනී නමැති 20 හැවිරිදි තරුණියක්.
ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක බවත්, ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත මෙම තීරණය ගෙන ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
පෙරේදා රාත්‍රී 7.15 ට පමණ මෙම තරුණිය පාලමෙන් කලපුවට පනිනු අසල සිටි ධීවරයින් පිරිසක් දැක ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇයගේ සිරුර සොයාගෙන තිබුණා.
කෙසේ වෙතත්, මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
