gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ගිය මාස 11ට අලුත් වාහන ලක්ෂ හතරහමාරක් ලංකාවට ගෙනැල්ලා!

මෙරටට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු 2025 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන හාරලක්ෂ පනස් එක්දහස් හත්සිය හැත්තෑවක්(451770) ආනයනය කරඇති බව ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.

මෙම වාහන සංඛ්‍යාවට මෝටර් රථ 115000ක් යතුරු පැදි 313999 ක් ත්‍රී රෝද රථ 22407ක් ඇතුළත් වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂය නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව, එම වාහන ගෙන්වීම නිසා ලැබුණු සමස්ථ ආදායම පිළිබඳවද තොරතුරු විමසු මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේ වාහනවලට ක්‍රියාත්මක කරන 3% රැඳවුම් බද්ද ඉවත් කර එහි සහනය වාහන හිමියන්ට ලබාදෙන ලෙසයි.

වාහන ආනයනය කිරීමෙන් රුපියල් බිලියන 441 ක මුදලක් බලාපොරොත්තු වූ බවත් රුපියල් බිලියන 904ක ආදායමක් ලැබී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 3% රැදවුම් බද්ද ක්‍රියාත්මක වන්නේ විදේශ විනිමය ඉතිරි කරගැනීම සදහා උපක්‍රමයක් වශයෙන් බවයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka