අපේ රටේ ගොවි මහතෙක්ගෙන් "ලෑන්ඩ්මාස්ටරය" ගැන ඇහුවොත් ඒක එයාගේ ජීවිතේම කොටසක් කියලා කියාවි. හැබැයි ඔබ දන්නවාද, මුළු ලෝකෙම කෘෂිකර්මාන්තය වෙනස් කරපු ඒ අත්ට්‍රැක්ටරය ලෝකෙට හඳුන්වා දුන්නේ අපේම ලාංකිකයෙක් කියලා? ඒ විතරක් නෙවෙයි, තමන්ගේම ගුවන් යානයක් හදලා ඒකෙන් වැඩට ගිය අමුතුම විදියේ මිනිහෙක් ගැනයි අද මේ කියන්න යන්අපේ රටේ ගොවි මහතෙක්ගෙන් "ලෑන්ඩ්මාස්ටරය" ගැන ඇහුවොත් ඒක එයාගේ ජීවිතේම කොටසක් කියලා කියාවි. හැබැයි ඔබ දන්නවාද, මුළු ලෝකෙම කෘෂිකර්මාන්තය වෙනස් කරපු ඒ අත්ට්‍රැක්ටරය ලෝකෙට හඳුන්වා දුන්නේ අපේම ලාංකිකයෙක් කියලා? ඒ විතරක් නෙවෙයි, තමන්ගේම ගුවන් යානයක් හදලා ඒකෙන් වැඩට ගිය අමුතුම විදියේ මිනිහෙක් ගැනයි අද මේ කියන්න යන්#lkaනේ.
ඔහු නමින් දේශමාන්‍ය පිලිප් රේ විජයවර්ධන. එහෙමත් නැත්නම් අපි කවුරුත් අඳුරන රේ විජයවර්ධන.
🛠️අද කාලේ වගේ තාක්ෂණය දියුණු නැති 1950 දශකයේදී, රේ විජයවර්ධනයන් දැක්කා අපේ රටේ ගොවියෝ මඩ කුඹුරේ හරක් එක්ක විඳින දුක. ඒ දුක නිවන්න ඔහුට ඕන වුණා "යකඩ අශ්වයෙක්" හදන්න. ඒ අනුව තමයි ලෝකයේ ප්‍රථම Two-wheel tractor එක නැත්නම් Landmaster එක ඔහු නිර්මාණය කළේ.
මේක කොච්චර සාර්ථක වුණාද කියනවා නම්, එංගලන්තයේ සමාගමක් හරහා මේක ලෝකය පුරාම බෙදාහැරියා. අදටත් ඕනෑම රටක කුඩා පරිමාණ ගොවියෙකුට තියෙන ලොකුම සම්පත මේ ලාංකිකයාගේ මොළයෙන් බිහිවුණු නිර්මාණයක්! (ලංකාවේ මේක නිෂ්පාධනය කරන්න හැදුවම මේවා නිසා මිනිස්සු කම්මැලි වෙනවා කියලා ඒ කාලේ පාලකයෝ මේ වියාපෘතිය ප්‍රතික්ෂේප කළා, ඒ නිසයි මේක එංගලන්ත සමාගකට දීලා තියෙන්නේ කියලා කතාවක් තියෙනවා...හැබැයි ඒ ගැන ඇත්ත නැත්ත අපි හරියටම දන්නේ නැහැ)
✈️රේ විජයවර්ධන කියන්නේ පොළොවේ පය ගහලා හිටපු මිනිහෙක් වුණාට, එයාගේ හීන තිබුණේ අහසේ. ඔහු පුදුම විදියේ ගුවන් නියමුවෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහු තමන්ටම කියලා ගුවන් යානා දෙකක් නිර්මාණය කළා. ඒවට ඔහු දැම්ම නම් තමයි "ලිහිණියා" සහ "සිරා".
විශ්වාස කරන්න, ඔහු කොළඹ ඉඳන් රජරට ප්‍රදේශයේ තමන්ගේ වගා බිම් බලන්න ගියේ තමන්ම හදාගත්ත මේ පුංචි ගුවන් යානයෙන්! එයා ඒ කාලේ පාවිච්චි කරපු අමුතුම වාහනයක් තමයි Autogyro එක. මේක හෙලිකොප්ටරයක් වගේ පෙනුනට ඊට වඩා වෙනස්, සරල තාක්ෂණයක්. ලංකාවේ අහසේ තමන්ගේම නිර්මාණයකින් පියාඹපු ඒ අභිමානය අදටත් අපිට ලොකු ආඩම්බරයක්.
🏹 ඔලිම්පික් ගිය දුනුවායා සහ සප්තකන්‍යා යාත්‍රිකයා
රේ විජයවර්ධන කියන්නේ ඉංජිනේරුවෙක් විතරක් නෙවෙයි. ඔහු බහුශ්‍රැතයෙක්.
1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී ලංකාව නියෝජනය කරමින් දුනු ශිල්පයට (Archery) සහභාගී වුණේ ඔහුයි.
ඔහු දක්ෂ යාත්‍රාකරුවෙක්. ඔහු තමන්ගේම යාත්‍රාවක් නිර්මාණය කරලා ඒකට "සප්තකන්‍යා" කියලා නම තිබ්බා.
🌱 ඔහු හැමතිස්සෙම කිව්වේ "අපේ රටේ බලශක්ති ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ ගහකොළ සහ ඉර එළිය ඇතුළේ" කියලා. සූර්ය බලශක්තිය (Solar Power) ගැන ලංකාවට මුලින්ම කතා කරපු පිරිස අතර ඔහු පෙරමුණේ හිටියා. ඒ වගේම ග්ලිරිසීඩියා ශාකය (Gliricidia) බලශක්ති ප්‍රභවයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔහු ප්‍රායෝගිකව පෙන්නලා දුන්නා.
ඔහුගේ කොළඹ නිවස පවා බලශක්තියෙන් ස්වයංපෝෂිත එකක් වුණා. සැබෑ විද්‍යාඥයෙක් කියන්නේ තියරි විතරක් කියන කෙනෙක් නෙවෙයි, ඒක තමන්ගේ ජීවිතයෙන්ම කරලා පෙන්වන කෙනෙක් කියන එකට රේ විජයවර්ධන මහතා උතුම්ම උදාහරණයක්.
✨රේ විජයවර්ධන මහතා ජීවත් වුණේ "බැහැ" කියන වචනය අහලකවත් තියාගන්නේ නැතිව. ඔහුට ඕන වුණේ ලංකාව කාර්මික අතින් වගේම කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත රටක් කරන්න.
"ඉංජිනේරුවෙක් කියන්නේ පෑනයි පැන්සලයි අරන් කාමරේකට වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි, කුඹුරට බැහැලා ගොවියාගේ ප්‍රශ්නය විසඳන කෙනාටයි."
මෙන්න මේ වගේ වටිනා අදහස් දරපු ඔහු, අද ඉන්න තරුණ පරපුරට ලොකු ආදර්ශයක්. තමන්ගේ රටේ සම්පත්වලින් උපරිම පල ගන්නත්, අලුත් දෙයක් නිර්මාණය කරන්න බය වෙන්න එපා කියලත් ඔහු ඔහුගේ මුළු ජීවිත කාලයෙන්ම ඔප්පු කළා.
අද අපි ලෑන්ඩ්මාස්ටරයක් දැක්කත්, අහසේ ගුවන් යානයක් දැක්කත්, මේ අසහාය ලාංකිකයාගේ නම අපේ මතකයට එන්න ඕනේ. ඒක තමයි ඒ අග්‍රගන්‍ය මිනිසාට අපිට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය.

