gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පාතාලය තව අඩියක් පෙරට... රිමාන්ඩ් සිරකරුවෙකුට රෝහලට පැන වෙඩි තියයි

බන්ධනාගාර භාරයේ පසුවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කරගනිමින් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී ඊයේ වෙඩි තැබීමක් සිදුවිය. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන පරිදි, ආරක්ෂක නිලධාරීන් සිටි අවස්ථාවක රෝහල් පරිශ්‍රයට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ.

නාගොඩ රෝහලේ අංක 14 දරන වාට්ටුව තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇත. ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇත.

සැකකරු විසින් රිවෝල්වරයක් භාවිත කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka