ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය තිබෙන බවට ව්‍යාජ ලෙස ලේබලයේ සඳහන් කර හිසකෙස් ආලේපන වර්ගයක් (Hair Miracle) මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රාට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් හතළිස් දහසක (40,000) දඩ මුදලක් නියම කර ඇත.
අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට මෙම හිසකෙස් ආලේපන වර්ගය අලෙවි කරමින් පැවැති අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂණයක් පවත්වන ලදි.
එම පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ මෙම හිසකෙස් ආලේපන වර්ගය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබාගෙන නොමැති නමුත් එහි අනුමැතිය ඇති බව ලේබලයේ සඳහන් කර තිබෙන බවයි.
එමෙන්ම අදාළ ආලේපන නිෂ්පාදකයාගේ ලිපිනය හෝ දුරකථන අංකය ඇසුරුම්වල සඳහන් කර නොතිබූ බවද පරීක්ෂණවලදී තහවුරුවී ඇත.
