gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සුළි කුණාටුවෙන් අවතැන් වූවෝ ඉඩම් ඉල්ලා මානව හිමිකම් යති

දිත්වා සුළි කුණාටු තත්ත්වයෙන්  තලවකැලේ ග්‍රේට්වෙස්ටන් වතුයායේ ඇති වූ නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව දැනට තලාවාකැලේ දෙමළ විද්‍යාලයේ රැඳී සිටින ජනතාව තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

​ලබන මස 05 වන දින පාසල් ආරම්භ වීමට නියමිතව ඇතු පසුබිමක දැනටත් පාසලේ රැඳී සිටින ජනතාවට වහාම ඉන් ඉවත් වී නැවතත් අවදානම් සහිත ලැයිම් නිවාස වලට පදිංචිය සඳහා යාමට සිදුවී ඇති බව ජනතාව චෝදනා කරති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිසි පරීක්ෂාවකින් තොරව එම නිවාසවල පදිංචියට සුදුසු බවට නිර්දේශ කර ඇති බවත්, නමුත් එම ස්ථාන තවමත් දැඩි නායයෑමේ අවදානමක පවතින බවත් පදිංචිකරුවෝ පවසති.

​තමන්ට පදිංචි වීමට ස්ථිර ඉඩමක් ලබා දෙන්නේ නම් තාවකාලිකව හෝ කුඩා නිවසක් ඉදිකරගෙන තම ජීවිත ආරක්ෂා කර ගැනීමට සූදානම් බව එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ආර්.එෆ්.එම්.සුහෙල් 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka