gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පොලිස් කූඩුවේ සිටි සැකකරු ‘වැසිකිලි පවිත්‍රකාරක දියරයක්’ බීලා ඉස්පිරිතාලේ!

උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි වරෙන්තුකරුවකු පෙරේදා (30දා) රාත්‍රී’ 8.30 ට පමණ වැසිකිලි පවිත්‍රකාරක පානය කිරීමෙන් පසු රෝගාතුරවී කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මොහු උතුරු කළුතර, ඇලබඩවත්තේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

නිවසක් බිඳ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක වරෙන්තුකරුවකු වන මොහු, උතුරු කළුතර පොලිසියේ අපරාධ විමර්ශණ අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka