gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදලට!

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් උපයන ආදායම ‘Rebuilding Sri Lanka’අරමුදලට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් ශ්‍රී ලංකාවට යළි නැගීසිටීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතුවලට සහාය දැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන තිබේ.

ඊට අමතරව #VisitSriLanka යන hashtag ප්‍රවර්ධනය කිරීමටද ඔවුන් මෙම තරගාවලියේදී කටයුතු යොදා තිබේ.

තරග 3කින් ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය ජනවාරි 7, 9 සහ 11 යන දිනවල පැවැත්වෙන අතර, එහි සියලු තරග දඹුල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka