gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

රජයේ බැංකුවලින් හොර හැඳුනුම්පත්වලින් ගනේමුල්ල සංජීව ඝාතන සැකකාරියටත් ණය දීලා..

ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කොට රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් විරේන්ද්‍ර කනංකෙගේ මහත්මිය පෙරේදා (31 දා) නියම කළාය.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර නීතිඥවරිය 1970 වසරේ උපත ලබා ඇතත් ඇය 1972 වසරේ උපත ලබා තිබෙන බව සඳහන් කොට ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සකසා කඩවත රාජ්‍ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර අවස්ථා කිහිපයකදීම ලක්ෂ ගණනින් ණය ලබා ගෙන ඇතැම් ණය මුදල් ආපසු ගෙවා තිබෙන බවට ද එහිදී සඳහන් විය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය (3) උප පොලිස් පරීක්ෂක හේමන්ත මහතා අධිකරණයට කරුණු දක්වමින් මේ සම්බන්ධව විමර්ශන අවසන් නැති බවත් සැකකාරියගේ ජාතික හැඳුනුම්පත සම්බන්ධව විස්තර වාර්තාවක් ලබාගැනීමට කොළඹ ණය තොරතුරු කාර්යාංශයට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් කීය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විස්තර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ණය තොරතුරු කාර්යාංශයට නියෝග කරමින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය (3) උප පොලිස් පරීක්ෂක හේමන්ත හා පොලිස් කොස්තාපල් බටගල්ල (97529) යන නිලධාරිහු පැමිණිල්ල මෙහෙයවූහ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka