gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලංකාවේ වාහන මිල යළිත් අහස උසට.. ලක්ෂ ගණනින් ඉහළ ගිය නවතම මිල ගණන් මෙන්න

වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට වාහන මිල ගණන් නැවතත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ අනුව Suzuki Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 5කින්, Toyota Raize රථයක් ලක්ෂ 8කින් සහ Honda Vezel රථයක් ලක්ෂ 9කින් පමණ ඉහළ ගොස් ඇති අතර, BYD Atto 1 රථයක මිලද රුපියල් මිලියනයකින් වැඩි වී ඇත.

 මීට අමතරව Toyota Prado සහ Land Cruiser වැනි අධි සුඛෝපභෝගී වාහනවල මිල ගණන් රුපියල් මිලියන 2.5 සිට 4.5 දක්වා ප්‍රමාණයකින් මෙන්ම ද්විත්ව කැබ් රථවල මිලද රුපියල් මිලියන 2 සිට 2.5 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මැයි 15 වැනිදායින් පසු විවෘත කරන ලද ණයවර ලිපි (LC) යටතේ ගෙන්වන ලද වාහන මෙම නව බදු ක්‍රමය යටතේ නිෂ්කාශනය කිරීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත. ඉදිරියේදී මෙම නව බදු ක්‍රමයට යටත් තවත් වාහන තොග වෙළඳපොළට පැමිණීමත් සමඟ මිල තවදුරටත් ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවන අතර, විසඳුමක් ලෙස නැවත නැවත අධිභාර පැනවීම වෙනුවට ස්ථාවර බදු ප්‍රතිපත්තියක් සහ ණයවර ලිපි නියාමනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka