gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

වන අලින්ගෙන් බේරී පාසල් ගොස් මෙවර ශිෂ්‍යත්වයෙන් මුළු ලංකාවෙන්ම ඉහළ ලකුණු ගත් ඇහැටුවේ දක්ෂයා

2026 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබාගෙන මෙවර විභාගයේ ඉහළම ලකුණ වාර්තා කරන්නට අපූරු දරුවෙක් සමත් වෙලා තියෙනවා. ඔහු නමින් ඩබ්.බී.එම්. දනෝජ් තීක්ෂණ වීරසේකරයි. මේ පුංචි පුතා අධ්‍යාපනය ලබන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක පිහිටි ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේයි.

මේ සුවිශේෂී ජයග්‍රහණය පිටුපස තියෙන්නේ හරිම කටුක, ඒ වගේම අපූරු කතාවක්. දනෝජ් පුතා කියන විදිහට මේ පාසලට එන දරුවන්ට තියෙන ලොකුම අභියෝගය තමයි වන අලින්ගෙන් බේරිලා ප්‍රවේශම් සහගතව පාසලට එන එක. ඒ තරම් බියකරු වටපිටාවක, අඩු පහසුකම් මැද ඉඳගෙන තමයි මේ දරුවා මේ තරම් විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා මුළු ලංකාවටම ආදර්ශයක් වෙලා තියෙන්නේ.

තමන්ගේ මේ සාර්ථකත්වයට පාර පෙන්නපු පන්ති භාර ගුරුතුමියට, විදුහල්පතිතුමාට සහ ආචාර්ය මණ්ඩලයට පුංචි දනෝජ් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ ගමනට ලොකුම හයියක් වෙලා තියෙන්නේ එයාගේ ආදරණීය තාත්තා සහ අක්කා. තාත්තා කිසිම අඩුවක් නොකර දරුවාගේ අධ්‍යාපන කටයුතු හොයලා බලලා තියෙනවා. දනෝජ්ගේ අක්කත් ඇහැටුවැව පාසලෙන්ම ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වෙලා, මේ වෙද්දී මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන ගමන් තමන්ගේ මල්ලිට ගොඩක් උදව් කරලා තියෙනවා.

විභාගය කියන්නේ ලොකු පීඩනයක් කරගන්නේ නැතුව, එදා දවසේ දෙන වැඩ එදාම ඉවර කරලා හරිම විනෝදයෙන් තමයි දනෝජ් විභාගයට ලෑස්ති වෙලා තියෙන්නේ. ඒක අද කාලේ විභාගය බියක් කරගෙන ඉන්න අනිත් දරුවන්ටත් ලොකු ආදර්ශයක්. මේ පුංචි හපනාගේ ඊළඟ හීනය තමයි හොඳ පාසලකට ඇතුළත් වෙලා අනාගතයේදී රටට වැඩදායී දක්ෂ ඉංජිනේරුවෙක් වෙන එක.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka