gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ජීවිත කාලෙම ආදරෙන් රැකබලාගත්තම,අහිමි වීමකදී සතුටින් සමුදෙන්න පුළුවන්!

සමාජ ජාලා තුළ ප්‍රචාරය වන ආදරණීය ගායක ප්‍රියංකර පෙරේරා මහතාගේ අවසන් ගමන සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ජනප්‍රිය නිලි දිල්හානි ඒකනායක මහත්මිය පළ කළ චිත්තවේගී පණිවිඩයක් බොහෝ දෙනෙකුගේ සංවේගයට ලක්ව තිබේ.

ඇය පවසා ඇත්තේ තම රැකියාවද කරගෙන, ඇවිදීමට අපහසු සැමියෙකු වසර 7ක් තිස්සේ බලාගැනීම කිසිසේත් සරල නොවූ බවයි.

“කලක් සතුටින් හා විනෝදයෙන් ජීවත් වූ අපේ ජීවිතය මෙම වසර 7 තුළ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මුල් කාලයේ මෙය දැවැන්ත බරක් ලෙස දැනුණා. මානසිකව අමාරු කාලයන්ටත් මුහුණ දුන්නා. නමුත් කාලයත් සමඟ එම තත්ත්වයට හුරු වුණා” යනුවෙන් ඇය සඳහන් කර ඇත.

වඩාත්ම කතාබහට ලක් වූ කරුණ වූයේ දැන් ප්‍රියංකර මහතා තමන්ට සැමියා පමණක් නොව තවත් දරුවෙකු මෙන් බව ඇය පැවසීමයි.

“එතැනට එන එක කාන්තාවකට ලේසි ගමනක් නෙමෙයි. හැබැයි… පුළුවන්. ඒකයි මේ කතාවෙන් ඇය ලෝකෙට කියන්නේ” යනුවෙන් ද ඇය සිය සටහනේ අවධාරණය කර ඇත.

ප්‍රියංකර පෙරේරා මහතා එවැනි උතුම් සහ කැපවූ බිරිඳක් ලැබීම ගැන බොහෝ දෙනා අදහස් පළ කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka