මම තනියම දරුවෙක් හදපු අම්මා කෙනෙක් ඔයා දරුවයි ආච්චිවයි බාර ගත්තේ නැත්තන් මම ඒ දේ කරනවා ජිවිත කාලෙම පියුමි හංසමාලිගෙන් මියගිය චුලාගේ සැමියාට..
චූලාගේ පුතුගේ පියා වෙත…
අද ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි.
චූලා පද්මේන්ද්‍රන්ගේ හදිසි වියෝව ගැන ඇසූ මොහොතේ අපේ හදවත් කම්පා වුණා. ඇය බොහෝ දෙනෙකුගේ ජීවිතවල මතකයක් ඉතිරි කරමින් සදහටම නිහඬ වී ගියා.
නමුත් ඇයගේ වියෝවෙන් පසු අපට අමතක කළ නොහැකි තවත් එක් ජීවිතයක් තිබෙනවා…
ඒ ඇගේ පුතුගේ ජීවිතයයි.
මවක් අහිමි වීම ඕනෑම දරුවෙකුට දරාගත නොහැකි වේදනාවක්. විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට එය තවත් ගැඹුරු අහිමිවීමක් විය හැකියි. ඔහුට අද අහිමි වී තිබෙන්නේ මවක් පමණක් නොවෙයි… ඔහුගේ ලෝකයේ හුරුපුරුදු ආදරය, රැකවරණය සහ ආරක්ෂාවයි.
අද අතීතයේ සිදුවූ දේවල් ගැන කතා කිරීමෙන් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැහැ.
මවත් පියාත් එකට සිටියත්, වෙන්ව සිටියත්… දරුවෙකුගේ උපතත් සමඟ ඇතිවන “පියා” යන බැඳීම කිසිදා අවසන් වන්නේ නැහැ.ඔහු ඔබ දෙදෙනාගේ ලෙයින් මෙලොවට පැමිනි කෙනෙක්. 50% 50% වගකීම එක ලෙසටම දරුවා ජාතක කල මවටත් පියාටත් පැවරෙනවා.
ඒ නිසා මේ මොහොතේ අප ඔබගෙන් අතීතය වෙනුවෙන් පිළිතුරු ඉල්ලන්නේ නැහැ.
අප ඉල්ලන්නේ ඔබේ පුතුගේ අනාගතය වෙනුවෙන් ඉදිරියට එන්න කියලයි.
ඔහුට ඔබේ අත අවශ්‍යයි.
ඔහුට ඔබේ ආදරය අවශ්‍යයි.
ඔහුට ඔබේ ආරක්ෂාව අවශ්‍යයි.
ඔහුගේ විශේෂ අවශ්‍යතා වෙනුවෙන් ඔබේ කැපවීම අවශ්‍යයි.
චූලා නැවත ඔහු වෙත පැමිණෙන්නේ නැහැ.
ඒ නිසා ඇයගෙන් හිස් වූ ඒ ලෝකයේ “තාත්තා” කියන තැන හිස්වෙන්න ඉඩ නොදෙන්න.
ඔබට පුළුවන් නම් ඔහුගේ අත අල්ලන්න.
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර, අධ්‍යාපනය, රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ ශක්තිය යොදවන්න.
ඔහුගේ අද දවස පමණක් නොව, ඔබ නැති දවසක පවා ඔහු ආරක්ෂිතව ජීවත් විය හැකි අනාගතයක් නිර්මාණය කරන්න.
කවදා හෝ ඔහුට තම මව ගැන සිතෙන විට,
“මගේ අම්මා මාව දාලා ගියේ නැහැ… ඇය මට තාත්තා කෙනෙක් ඉතිරි කරලා ගියා”
කියලා හිතන්න පුළුවන් තාත්තා කෙනෙක් වෙන්න.
චූලාගේ ජීවිතය ගැන අපට බොහෝ දේ කියන්න පුළුවන්. ඇය කළ දේවල් ගැන, ඇය දිනාගත් දේවල් ගැන, ඇය ලෝකයට දුන් දේවල් ගැන කතා කරන්න පුළුවන්.
නමුත් අද ඇය වෙනුවෙන් කළ හැකි ලොකුම ගෞරවය සමහරවිට එය නොවෙයි…
ඇය මේ ලෝකයේ තබා ගිය පුංචි ජීවිතය රැකගැනීමයි.
ඒ නිසා මේ ඉල්ලීම සමාජයෙන්, විනිශ්චයක් නොවෙයි.
එක් පියෙකුගෙන් තවත් මිනිසෙකු කරන ආදරණීය ඉල්ලීමක්.
අතීතය කුමක් වුවත්…
අද ඔබේ පුතුට ඔබ අවශ්‍යයි.
ඔහු වෙනුවෙන් ඉදිරියට එන්න.
චූලා වෙනුවෙන් නොහැකි වූ තරම් දුරක්…
ඔහු වෙනුවෙන් යන්න.
කවදා හෝ ඔහුට තම මව මතක් වූ දවසක,
“අම්මා නැති වුණත්… තාත්තා මාව අතහැරියේ නැහැ.”
කියලා හිතන්න පුළුවන් පියෙකු වෙන්න.
අද සමාජයෙන් ඔබට කරන මේ ඉල්ලීම චෝදනාවක් නොවේ..
ඔබේ පුතුගේ අනාගතය රැකගැනීම මතක් කරන ආදරණීය ඉල්ලීමක් පමණයි
— සංවේදී පුරවැසියෙකුගේ ඉල්ලීමක්
උපුටාගැනීමකි
ඔබට පියුමිගේ සටහන පහලින් කියවන්න පුළුවන්
නින්ද යන්නෙ නැති නිසා නිකමය fb එකට ආවා.ගමන් මෙ post එක දැක්කා 😭 ජිවිතෙ මොන පැත්ත බැලුවත් දුකක්ම තමයි මෙක කියව්වා ඇත්තමයි පපුවත් එක්ක පිච්චිලා ගියා 😭 මට මෙවා කියවන්න බැ දුකයි මම එච්චරටස සංවෙදි ගැහැනියක්. මෙ මව කියන චරිතය ඇතුලෙ මමත් දරැවෙක් උස් මහත් වෙනකල්ම තනියම දරැවෙක් හදපු මවක් විදිහට දරැවෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් ගෙ දුක කදුලු මට හොදටම දන්නවා. චුලා අක්කිගෙ hubby ගැන මම කිසිම ෙදයක් දන්නෙ නැත කාගෙ කව්ද කියලා වත් දන්නෙ නැත ඉතිං එ තාත්තා ඉදිරිපත් නොව්නොත් එ ආච්චියිවයි පුතයි ❤️ ජිවිත කාලෙම මම බාලා ගන්නම් මගෙ අම්මයි දරැවයි බලනවා වගෙ මම එයාලාට සලකන්නම්🙏 මට තියනකල් මම හැමොටම සලකනවා එ මගෙ හැටි its me piumi hansamali.
