gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

“තාත්තා ශිෂ්‍ය දේශපාලනය නිසා අහිමි කරගත් අධ්‍යාපනික ජයග්‍රහණ වසර 30 කට පසු දියණිය විසින් ලබාගත්තා ” – චම්පික තැබූ ආඩම්බරකාර සටහන

හිටපු බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක කිව්වහම අපි කවුරත් දන්න දේශපාලන චරිතයක්නේ . ඔහුගේ ආදරණීය දියණියගේ උපන්දිනය අද සමරනවා . ඉතිං තම ආදරණීය දියනියගේ උපාධි ප්‍රදානෝත්සවය සිහි ගන්වමින් . එතුමා හරි අපූරු සටහනක් සිය මුහුනුපතට එකතු කරලා තිබුණා.

දේශාපාලඥ‍‍යෙක් වුණත් පිය සෙනෙහස එහෙම්මමයි . ඉතිං හදවතේ ඇති පිය සෙනෙහස ඔහු වචන කරලා තිබ්බේ මෙහෙමයි

”ඇගේ උපාධි ප්‍රදානෝත්සවයට මා ගියේ මහත් ආඩම්බරයෙනි.

එහිදී මට හමු වූ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු මා හට පැවසුවේ,

“තාත්තා ශිෂ්‍ය දේශපාලනය නිසා අහිමි කරගත් අධ්‍යාපනික ජයග්‍රහණ, වසර 30 කට පසු දියණිය විසින් ලබාගත් අයුරු ඔබට අද දැකබලාගත හැකි වනු ඇත” කියාය. නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලැබිය හැකි ඉහළම සාමාර්ථය ලබාගත් ඔබ, ආචාර්ය උපාධිය නිම කිරීමෙන් පසු මේ මව්බිමට සේවය කරනු දැකීම මගේ එකම අභිලාෂයයි. සුබ උපන්දිනයක් ලොකු පුතා!  ”

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka