gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අත්අඩංගුවට ගන්නා මහා පරිමාණ ජාවාරම්කරුවන්ට සහ පාතාල නායකයන්ට වෙනම හිරගෙයක්!

මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරමින් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ රට වෙලාගෙන ඇති කුඩු සහ අයිස් ජාවාරමට සම්බන්ධ ඉහළ මට්ටමේ පාතාල නායකයන් සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කිරීමේදී පොලීසිය, බන්ධනාගාර, දේශපාලඥයන් සහ ප්‍රසිද්ධ චරිත සමඟ පැවති සම්බන්ධතා හෙළිදරව් වෙමින් පවතින බවයි. 

එම පරීක්ෂණ මත අත්අඩංගුවට ගෙනනු ලබන එවැනි මහා පරිමාණ "ලොක්කන්" රඳවා තැබීම සඳහා වැලිසර විශේෂ බන්ධනාගාරයක් මේ වන විට සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka