මීට පෙර නෙත් එෆ්.එම්. 'බැලුම්ගල' වැඩසටහන හරහා ප්‍රසිද්ධියට පත් හිටපු මාධ්‍යවේදී චමිකර බණ්ඩාර ඩුබායි සිට දිවයිනට පැමිණීමේදී ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු, කළුතර මල්වත්ත බන්ධනාගාරයේදී සිදුවූ ගැටුමකින් තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
වාර්තා වන , බන්ධනාගාරය තුළ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මුව සහ කන ආශ්‍රිත ප්‍රදේශවලට තුවාල සිදුව ඇත. බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ ඔහු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබයි.
