gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පොලීසිය එක්ක ගේම ඉල්ලපු 'සුදු මැණිකේගේ' අයිතිකාර මැණික මෙන්න

මෙවර ඇසළ පෙරහර අතරතුරේදී මේ සුදුමැණිකේටයි, එයාගේ ඇත්ගොව්වාටයි මුහුණ දෙන්න වුණේ හිතාගන්නවත් බැරි, ඒ වගේම හරිම අපූරු සිදුවීමකට සිව්වන රන්දෝලි පෙරහර පැවැත්වුණු දවසේ, සුදුමැණිකේගේ ඇත්ගොව්වා තේ එකක් බීලා එන්න පොඩ්ඩක් එළියට ගිහින් තියෙනවා. තේ බීලා ආපසු එන අතරතුර, දළදා වීදිය සහ යටිනුවර වීදිය මංසන්ධියේ තිබුණු පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් මෙයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. හේතුව වුණේ ඇත්ගොව්වා ළඟ තිබුණු පිහිය.

ඇත්ගොව්වා තමන්ගේ හැඳුනුම්පතත් පෙන්නලා, "මම කතරගම දේවාලයේ ඇත්ගොව්වෙක්" කියලා කොච්චර පැහැදිලි කළත්, රාජකාරියේ හිටපු පොලිස් නිලධාරීන් ඒක ලේසියෙන් පිළිගත්තේ නැහැ. අවසානයේදී පොලීසියෙන් කියපු දේ තමයි
"අපිට රාජකාරිය දාලා දේවාලයට එන්න බැහැ. ඒ හින්දා පිහියයි හැඳුනුම්පතයි ඕන නම්, අලියාව මෙතැනට අරන් එන්න" කියලා,

වෙන කරන්න දෙයක් නැති තැන, ඇත්ගොව්වා ආපසු ගිහින් සුදුමැණිකේව කැඳවාගෙන ආවා.

සුදුමැණිකේ ආවේ හරියට නම් ගේම වගේ...

කෙළින්ම පොලිස් මුරපොළ ඉදිරියටම පය තියපු සුදුමැණිකේව දැකලා පොලිස් නිලධාරීන්ටත් සෑහෙන්න පුදුම හිතුණා. පොලීසියෙන් ඇත්ගොව්වාගේ හැඳුනුම්පතයි පිහියයි ආපහු දීලා.

මෙන්න මේ අපූරු සිදුවීමත් එක්කම සමාජ මාධ්‍ය පුරාම විශාල අවධානයක් දිනාගත්ත තවත් විශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ලාබාලතම හස්ති හිමිකාරිය වන මීෂා මිරිහැල්ල තරුණිය.

අපේ රටේ දැනට ඉන්න උසම, තේජාන්විතම හස්තියා වන ගනේතැන්නේ රාමා සහ මේ ආදරණීය ගනේතැන්නේ සුදුමැණිකේ කියන දෙන්නාගේම අයිතිය හිමිවෙන්නේ ගනේතැන්නේ මිරිහැල්ල පවුලටයි.

මීෂා මිරිහැල්ල කියන මේ තරුණිය ඉතාම ලාබාල වියේදීම අපේ රටේ අභිමානවත් සංස්කෘතික උරුමයක් වන අලි ඇතුන් රැකබලා ගැනීමේ අතිශය බරපතල, වගකීම් සහගත කාර්යය තමන්ගේ කරපිටට අරගෙන තියෙනවා. ඒක සැබැවින්ම මුළු රටටම ආඩම්බරයක්.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka