ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ හදිසි අභාවය පිළිබඳ පුවතත් සමඟ මුළු රටම කම්පාවට පත්ව සිටින පසුබිමක, ඇයගේ මරණය සාමාන්‍ය මරණයක් නොව අතිශය සැකකටයුතු අභිරහස් මරණයක් බවට පිළියන්දල පොලීසිය විසින් සිදුකරන මූලික විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.
පිළියන්දල නිවසේදී සිදුවූ බිහිසුණු සිදුවීම: ව්‍යාපාරිකයාගේ නිවසේ ඇඳ මත මළසිරුර
පිළියන්දල, මඩපාත, ගංගාරාම පාරේ පිහිටි 'CI Gardens' නම් සුඛෝපභෝගී නිවසක ඇඳක් මත චූලා පද්මේන්ද්‍ර මහත්මිය අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත. එම නිවස ප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් එකකි.
පාටියෙන් පසු අලුයම පැමිණි ගමන:
බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව, අද අලුයම කාලයේදී ඇය මෙම ව්‍යාපාරිකයා සමඟ අදාළ නිවසට පැමිණ ඇති බව අනාවරණය වේ.
මුවින් ලේ වැගිරී තිබීම:
ඇය මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ කර ඇති නමුත් ප්‍රතිචාර නොදැක්වීම නිසා පරීක්ෂා කිරීමේදී, ඇයගේ මුවින් ලේ වෑහී කොට්ටය මත විසිරී තිබෙනු දැක තිබේ. අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවකයන් පැමිණ පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇත.
සිලින්ඩරයෙන් ඡන්දෙ ඉල්ලපු ව්‍යාපාරිකයා සහ පවුලේ සැකය: පසුගිය මැතිවරණයේ අපේක්ෂකයෙක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නම කියවෙන අදාළ ව්‍යාපාරිකයා, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී 'සිලින්ඩරය' ලකුණින් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
විවාහයන්ගෙන් වෙන් නොවූ අනියම් සම්බන්ධතාවක්:
චූලා පද්මේන්ද්‍ර මෙන්ම මෙම ව්‍යාපාරිකයා ද විවාහක පුද්ගලයන් වන අතර දෙදෙනාම නීත්‍යානුකූලව වෙන්වී නොමැත. කෙසේ වෙතත් මෙම අනියම් සම්බන්ධතාව පිළිබඳව චූලාගේ මවුපියන් දැනුවත්ව සිට ඇති බව වාර්තා වේ.
මවගෙන් පොලීසියට සැකසහිත පැමිණිල්ලක්:
මෙම මරණය කිසිසේත්ම සාමාන්‍ය මරණයක් නොවන බවත්, අභිරහස් හා සැකසහිත මරණයක් බවත් පවසමින් චූලා පද්මේන්ද්‍රගේ මව විසින් පිළියන්දල පොලීසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය:
සිද්ධිය වූ ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, මරණයට සැබෑ හේතුව අනාවරණය කරගැනීම සඳහා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට (Post-Mortem) යොමු කිරීමට නියමිතයි.
