gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ විරුවාගේ නිවසට හදිසියේම ආ යුධ හමුදාපති - දෙමාපියන් ඉදිරියේ කළ සංවේදී ප්‍රකාශය

නව පදවි ප්‍රාප්ත යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා ගිරිතලේ, සරණසිරිගම ප්‍රදේශයේ පිහිටි අමරණීය කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් විරුවාගේ නිවස වෙත හදිසියේම පැමිණියා. එහිදී හමුදාපතිවරයා එම රණවිරුවාගේ දෙමාපියන් හමුවී ඔවුන් වෙත සිය ගෞරවය පුදකර සිටියා.

2 වැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ කෝප්‍රල් පුෂ්පමාල්, 2009 අප්‍රේල් 21 වැනි දින පුදුමාතලන් ප්‍රදේශයේ පැවැති මානුෂීය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ‘මානව ආවරණයක්’ ලෙස තබාගෙන සිටි අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් බේරාගැනීමේ සටනේදී සිය ජීවිතය මාතෘභූමිය වෙනුවෙන් පූජාකළා. ත්‍රස්තවාදීන්ගේ බංකරය විනාශ කරමින් සිවිල් වැසියන්ට පළාඒමට පාර කපා දුන් මෙම ධෛර්යවන්ත සටනේදී සතුරු වෙඩි පහරකට ලක්වන විට ඔහු 22 හැවිරිදි වියේ පසුවූ විරුවෙක්.

ඔහු දැක්වූ විශිෂ්ට රණකාමීත්වය සහ කළ අසමසම කැපකිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ඉහළම හමුදා සම්මානය වන ‘පරම වීර විභූෂණ’ (PWV) සම්මානය සහ ‘පූර්ණ භූමි පදක්කම’ මරණින් පසු ඔහු වෙත පිරිනමා තිබෙනවා.

මෙම සංචාරයේදී යුධ හමුදාපතිවරයා විසින් කෝප්‍රල් පුෂ්පමාල්ගේ පියා වන එස්.වී.ජී. විජේරත්නට සහ මව වන අමරාවතී මැණිකේට මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කළ අතර, මව්බිම වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන් කිසිදිනෙක අමතක නොකරන බවට දෙමාපියන් හමුවේ සහතික වී තිබෙනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka