gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඩොලර් මිලියන 10ක පාකිස්ථාන අන්නාසි මාර්කට් එක අල්ලන්න ලංකාවෙන් සුපිරි ගේමක් - පළමු තොගය කොළඹින් යවයි

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින්, ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානය වෙත යවන පළමු නැවුම් අන්නාසි තොගය ඊයේ (21) අපනයනය කිරීමට කටයුතු යොදා තිබිණි.

අඩි 20ක ප්‍රමාණයේ බහාලුමකින් යුතු මෙම පළමු අන්නාසි තොගය C R Exports (Pvt) Ltd සමාගම විසින් අපනයනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ ජාතික ශාක ආරක්ෂණ සංවිධාන අතර පැවැති තාක්ෂණික සාකච්ඡා සහ ශාක සෞඛ්‍යාරක්ෂණ කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම අපනයන අවස්ථාව උදා විය.

පාකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ කෘමි විද්‍යා පර්යේෂකයකු වන මොහොමඩ් අකීඩ් ශ්‍රී ලංකාවට පැමිණ අන්නාසි වගාබිම් සහ ඇසුරුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම ආනයන අනුමැතිය ලබාදී තිබේ.

අපනයනය කරනු ලබන සියලුම අන්නාසි යහපත් කෘෂිකාර්මිකප්‍රතිපත්ති යටතේ සහතික කළ වගාබිම්වලින් ලබාගත යුතු අතර, අපනයනකරුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජාතික ශාක නිරෝධායන සේවය එකතුව මෙම ව්‍යාපෘතිය පහසුකම් සපයා ඇත.

මිලියන 252ක පමණ ජනගහනයක් වෙසෙන පාකිස්ථානය වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් පමණ වටිනා අන්නාසි මෙට්‍රික් ටොන් 2,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි.

දැනට තායිලන්තය සහ පිලිපීනය එම වෙළඳපොළ පාලනය කරන අතර, ශ්‍රී ලංකා අන්නාසිවල ඇති සුවිශේෂී රසය, නැවුම්බව සහ භූගෝලීය ආසන්නතාව නිසා පාකිස්ථාන වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් දිනාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2025 වසරේදී ශ්‍රී ලංකාව අන්නාසි අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක ආදායමක් ලබාගෙන ඇති අතර, ඉදිරියේදී අලිගැටපේර සහ දොඩම් ද පාකිස්ථාන වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු යොදමින් පවතියි.

මෙය ශ්‍රී ලංකා-පාකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනීමට ද මහත් පිටිවහලක් වනු ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka