මව්පිය සෙවන ආයතනයේ සිදුවූ අවාසනාවන්ත ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ අමාලී දැරිය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ "ලොකු අයියා" නමින් තබා ඇති සංවේදී සටහන මේ වන විට බොහෝ දෙනෙකුගේ දැඩි කම්පනයට හා ශෝකයට හේතු වී තිබේ.
වසර හතක් පුරා තමන් සමඟ සිනහවෙන් හා දඟකාරකම්වලින් පිරුණු සුන්දර මතකයන් ඉතිරි කරමින්, කිසිවෙකුටත් නොකියාම නොපෙනෙන ලෝකයකට සමුදුන් තම ආදරණීය "හුරතලී" පිළිබඳව ඔහු ලියා ඇති මෙම පද පේළි, කියවන සැමගේ දෑස් කඳුළින් තෙත් කිරීමට සමත්ව ඇත.
පපුවේ හුස්ම හිරකරගනිමින් ඇගේ අකල් සමුගැනීමේ වේදනාව දරාගන්නා ඔහු, තමන්ගේ ඇස් පියවෙන තුරා ඇගේ මතකය හදවතේ පවතින බව පවසමින් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටින්නේ සමස්ත සමාජයම දැඩි සේ සංවේදී කරවමිනි.
