gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දරුවන් නිවසේ දමා චම්පික අනියම් බිරිඳ නෙත්මි සමග පලා ගිහින්!

නුවරඑළිය ප්‍රදේශයේ කාමරයක් තුළදී ඝාතනයට ලක්වූ බවට සැකකෙරෙන භෞත චිකිත්සකවරියකගේ මරණය සම්බන්ධයෙන් සොයමින් සිටින ප්‍රධාන සැකකාර ව්‍යාජ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයාගේ අනියම් බිරිඳ, සිය වැඩිමල් දරුවන් දෙදෙනා සැකකරුගේ මහගෙදරට දමා පලාගොස් තිබේ. කුරුණෑගල නාරම්මල, දඹගිරිගම ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට ඉකුත් 21 වැනිදා පස්වරුවේ ත්‍රිරෝද රථයකින් පැමිණි ඇය, මෙලෙස දරුවන් දමා ගොස් ඇති බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය අනාවරණය කරයි.

මෙම යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර, ඉන් අවුරුදු හතරක් පමණ වයසැති බාල දරුවා පමණක් ඇය තමන් භාරයේ තබාගෙන රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කිරීම සඳහා නුවරඑළිය මූලස්ථාන පොලිසියේ විශේෂ නිලධාරී කණ්ඩායමක් ඊයේ දිනයේදී නාරම්මල ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇත.

පොලිස් විමර්ශනවලට අනුව, ඝාතනයට ලක්වූ රත්නායක පතිරණගේ ෂර්මා දර්ශනී නමැති භෞත චිකිත්සකවරියගේ සිරුර මුලින්ම මෝටර් රථයකින් කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි මෙම අනියම් බිරිඳගේ නිවසට රැගෙන විත් තිබේ. පසුව එහි සිටි අනියම් බිරිඳ සහ දරුවන් තිදෙනා වෙනත් වෑන් රථයකින් පිටත් කර හැර ඇති ව්‍යාජ ඉංජිනේරුවරයා, මළසිරුර සහිත මෝටර් රථය පදවාගෙන එම නිවසින් ද පළාගොස් ඇත. මෙම අපරාධය සම්බන්ධයෙන් ව්‍යාජ ඉංජිනේරුවරයා සහ ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැඩි සෝදිසියකින් පසුවන අතරතුරදී ඇය මෙලෙස දරුවන් මහගෙදරට දමා මඟහැර තිබේ.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකාර පුද්ගලයා සහ ඔහුගේ අනියම් බිරිඳ ලෙස හැඳින්වෙන කාන්තාව, මීට පෙර 2018 වසරේදී ද මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගනු ලැබූවන් බව හෙළි වී ඇත. එහිදී මෙම කාන්තාව ව්‍යාජ ඉංජිනේරුවරයා තමන්ගේ අනියම් සැමියා ලෙස තබා ගනිමින්, ඔහු සිය සහෝදරයා (මල්ලි) ලෙසත්, තමන්ගේ දෙමාපියන් මියගොස් ඇති බවත් පවසමින් තරුණයන්ට විවාහ යෝජනා ඉදිරිපත් කර තිබේ. සිය මල්ලි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බව පවසා තරුණයන් මුළාකර සබඳතා ඇති කර දීම ඇයගේ උපක්‍රමය වී ඇත.

ඉන් අනතුරුව මෙම ව්‍යාජ ඉංජිනේරුවරයා වත්කම් ඇති පවුල්වල තරුණියන් සමග ප්‍රේම සබඳතා ගොඩනගා ගෙන, ඔවුන් විවාහ කරගෙන යුරෝපීය රටවලට කැඳවාගෙන යන බව පවසා රුපියල් ලක්ෂ ගණන් වටිනා දේපළ වංචා කිරීම දීර්ඝ කාලයක සිට සිදුකර ඇති බව පොලිසිය පවසයි. මෙම උපක්‍රමය යටතේ ඔහු එක් අවස්ථාවකදී සිය පෙම්වතියක කරගෙන සිටි දර්ශනී නැමැති භෞත චිකිත්සකවරිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් ද කැඳවාගෙන කතරගම වන්දනාවේ ගොස් තිබේ. 

කිසිදු සැකයක් ඇති නොවන පරිදි පසුගිය මාස අටක කාලය පුරාම මෙම පවුලේ සාමාජිකයන් සමග අතිශය සමීපව ඇසුරු කරමින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ද සැකකාර ව්‍යාජ ඉංජිනේරුවරයා කටයුතු කර ඇත.
මෙම සැකකරු මෙම තරුණිය ඉදිරියේ දිනෙත් දිසානායක නමින් පෙනී සිට ඇතත් ජාතික හැඳුනුම්පතේ සඳහන් ඔහුගේ සත්‍ය නම ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර බවත් ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි. එසේම මෙම සැකකරු බොරු කොණ්ඩයක් පැලඳ සිය සත්‍ය පෙනුම වසන් කරගෙන සිට ඇති අතර ඔහුට තරුණියන් රැසක් සමඟ සම්බන්ධතා පැවති බවත් කාන්තාවන් රවටා මුදල් ලබාගැනීමේ සිද්ධි රැසකට මොහු සම්බන්ධ බවට ද තොරතුර වාර්තා වෙයි.

සැකකරුට එරෙහිව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය සහ පාදුක්ක යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත් ඔහු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද කාන්තාවන් රවටා මුදල් ලබාගැනීම් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව පැවසේ. මෙම සැකකරුගේ අනියම් බිරිය ලෙස පෙනී සිටින්නේ රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායකයි. මෙම දෙන්නාගේ අනන්‍යතා කාඩ්පත් පහතින් පළවේ. මොවුන් සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka